චතුරංගි හර්ශිකා 3 years ago 116 3 3
__________________________________________ චතු මධුර පුද පඩුරු දෙවියන්ට උකස් කර... ඈ සොයා ඇවිද නුඹ කොහේ ඇය සොයන්නද... කවි ගගන හැර දමා සඳට බැහැ බැසයන්න... ඇයට අවසර නැතිද යළි කවිය ළග ඉන්න...? ? මම චතූ
චතුරංගි හර්ශිකා 3 years ago 226 3 3
- සොයා යන මග - ____________________________________?____ හිත රිදෙන හීනයක හීනියට නතර වුණ... නෙතු අගට නිරන්තර කදුළු පමණක් ගෙනෙන... අවතැන් හිතේ කොණක හැමදාම ඉඩ හොයන... වැස්ස නුඹ වගේමයි හිත් පතන බිම තෙමන... මේ ඉරට මේ අහස තරමටම පෙම් කරන... මහ පොළොව සිපගත්ත නැවුම් පස්වල සුවඳ... හිත් කොණක මුතු කතාවක් හෙමින් යළි ගොතන... පෙරඹරේ හිරු එළිය සිපගන්නවා සුළග... සීතලම කෙම් බිමක මතකයක් වී නිදන... අපි ලිව්ව කතාවම පස පෙරලමින් හොයන... එක අරුම මොහොතකදි ජීවිත පොතේ ලියන... මගෙ කවිය සොයා යමි කෙම් බිමේ හැම තැනම... මම, චතූ 2020 - 10 - 12 10.15am _____?___________________________________
චතුරංගි හර්ශිකා 3 years ago 94 2 3
______?_______________________?_______ අමාවක දවසකට, කුමට මල් ලියකම්... හිතින් වැලපෙමි, බලා තරු කැටයම්... ගගන විනිවිද, සොයා එනු හැකිනම්... සත්තමයි සඳ, නුඹ සොයා එන්නම්... මම, - චතූ _____?__________________________?______
චතුරංගි හර්ශිකා 3 years ago 114 3 3
අද, ඔක්තොම්බර් මස 12 වැනි දා සදුදා _____________________________________?️___ අහස පුරවගත්ත මන්දාරම හැම කදු වැටියකම හීන මවනවා... එකම එක මලක් හිත අද්දර නෙතගින් හිනාවෙනවා... වසන්තය ඉවර වුණත් කුරුල්ලෝ තවමත් කවි කියනවා... සරත් අහසට මම හරි ආදරෙයි සඳ ඒක හොඳටම දන්නවා... මම - චතූ ____________________?____________________
චතුරංගි හර්ශිකා 3 years ago 101 2 2
- කොරෝනා නුඹ හිරකෙරූ අපේ ජීවිත - එකම අහස යට ඉර හඳ තරු ළග නැවතුන... එකම හීනයක් මගෙ ළග තිබුණා තුන්යම... පුරුදු සුළග ගස් වැල් මල් සිපගත්තත් තව... හිතම නතර වෙලා යළිත් හිරවුණි එකතැන... සරසවියේ සොදුරු පොළොව මටහිමි සරු බිම... ජීවිතයේ හීන අහුරු මම දුටු පින් බිම... ලස්සන කවියක් වී හිත නතර කෙරූ තැන... ආයෙත් දිග නිවාඩුවක් ලැබෙන හැඩයි අද... අනාගතේ සරසවියට සමුදෙන ඒ දින... තව තව දුර ඇදෙයි ඉතින් මෙහෙම වහනකොට... සරසවියේ හීන අහුරු නෙතු ළග හිරකර... බලා සිටින්නම් ආයෙත් එන දවසක් ගැන... මම, චතූ ??
චතුරංගි හර්ශිකා 3 years ago 147 2 2
හිමි අහිමි හීනවල ලියූ නොලියූ මතක කවිකාර හිත පුරා සිතුවම් කළෙමි නිබඳ... අනන්තේ කෙළවරක මගෙ හිතත් එක්ක මම නැවතිලා ඉන්න ඇති කවියක් වෙලා හවස... නිහඩ අහසට යටින් මගේ කවි අහන්නට රතු පාට කුරුල්ලෝ ඇවිත් යයි ඉඳහිටක... කහපාට මලක් මම දන්නවද හැමදාම නැගෙන ඉරටත් ඉතින් කවි කියනවා තාම... හිරු අවරගිර කොණක බැස ගියායින් පසුව රෑ සදට කවි කියන කෙවිලියක් වගේ මම... මේ අහස ගහ කොලට හරි ආදරෙන් තාම හැම පුංචි කොලේටත් පෙම් කරමි හැමදාම... හෙන ගහන වැස්ස යට පවා තනියෙන් රෑට වැහි බිංදුවලට මම පෙම් කරනවා තාම... වසන්තය සිසිරයට ගිම්හානයේ සැරට මම ආදරෙයි ඉතින් මේ අරුම ලෝකයට... ජීවිතේ හැම පැයම මල් නටුව අග ඉදන් මියැදිලා යනතුරුම කවි කියමි හැමදාම... මම චතූ ???????????????
චතුරංගි හර්ශිකා 3 years ago 106 2 2
යදමින් බැඳ විලංගු ලා කවි හිත සිර කරන්න බෑ කවුරුත් ආවත් නාවත් මට නොලියා හිදින්න බෑ... කවිය අතැර පිට පාරක මට වැඩි දුර දුවන්න බෑ සිතුවිල්ලක් පත්ඉරුවක කුරුටු නොගා ඉන්නත් බෑ... මටම දඩුවමක් විදිහට කවියෙන් සමුගන්නත් බෑ කවි හිත නොමරා මරලා නෙත් රිදවා ගන්නත් බෑ... දහස් දෙනා යන එන මග ගොළුවී නවතින්නත් බෑ මට හුරු වූ මගේ කවිය හැරදා මට යන්නට බෑ... ? මම චතූ
චතුරංගි හර්ශිකා 3 years ago 127 2 2
කවියක්ව සැතපෙන්න හැකියි නම් දෙනෙත් මත අහසක් වෙලා ඉතින් බලා ඉන්නම් තනිව දහසක් දෙනෙත් අතර මගෙ දෑස් තුළ නිදන අවසඟ නැති අරුම සිතුවිල්ල නුඹ නොවෙද... පුර පෝය හඳ ගාව නැවතිලා හැමදාම අරලියා මලක් වී සිනාසෙන්නේ කොහොම මගෙ සිතුවමේ එතුන නාදුනන ඇස් දෙකට මම පෙම් කලේ නෑ ඇත්තමයි ඔය හිතට... මම චතූ
චතුරංගි හර්ශිකා 3 years ago 119 2 2
මුළු ලෝකයට හොරෙන් රහසේ නුඹේ නෙත් අගින් මම ඇහින්ද කදුලක් තවමත් තිබේ මගෙ ළගින්... ඔය ගිම්හානෙට වුණත් මෙහෙට වහිනවා ඉතින් රළු ඉඩෝරයට පවා තවම ආදරෙයිනෙ මං... එක නෙත් කැල්මක නුඹ තැවරූ ළෙංගතුකම මැදින් වන මල් සුවඳක් මම වින්දා පත් ඉරුවක අගින්... මේ වේදිකාව මත ආයෙත් ඔය නෙත් ළග හෙමින් හිත නැවතුනාට බැහැ මට දැන් නවතින්නට පෙමින්... මම චතූ 2020 ඔක්තෝබර් මස 11 වැනි දා ඉරිදා
මගෙන් හොරකම් කරපු මගේ හිතවත්ම හිත ආයෙමත් ගෙනැල්ලා මටම පවරා යන්න... මල් වැස්ස වහින්නට ගිම්හානයට ඉතින් ලස්සනම මදහාස ඔය මුවග තවරන්න... ලෝකෙටම හොර රහසේ හැන්දෑවේ ගොම්මනක මගෙ දෙනෙත් මත සොදුරු කවියක්ව සැතපෙන්න... හීන් පොද වැස්සකින් පිණි පොකුරු ඇහිදින්න ගිම්හානයේ එකම මල් පොකුර සිපගන්න... නෙත් මානයෙන් එපිට වසන්තය ගැන ඔන්න ලස්සනම කතාවක් වෙලා හිත සනසන්න... හන්තාන සිප ගත්තු මද සුළඟ මෙහි එන්න යළි මේග දූතයක් මම ලියනවා ඔන්න... මම චතූ 2020 ඔක්තොම්බර් මස 11 වැනි දා ඉරිදා
චතුරංගි හර්ශිකා 3 years ago 133 2 2
ආදරණීය ජීවිතේ කවියක් ඉන්නට තිබුණා නම් නුඹ ළග වරුවක් ලස්සනම පදයක මමත් එක අකුරක් ලියන්නම් ඉතින් අපි ගැන පුරාණයක්... වැස්සට තෙමෙන මල් කැකුළු ගොමුවක් වැරදිලා වගේ මගෙ දිහා බැලුවත් සසරේ පුරුද්දට වෙන්නැති එක කදුලක් මගේ ඇස් බර කලා හොරෙන් හිතටත්... හන්තාන පවා ඉගි කරනවා තවමත් ඒ පිනි අතර අපි ලිව්ව කතාවත් හරි ලස්සනට කුරුල්ලෙක් ඊයෙත් පිණි බින්දුවකට කිව්වලු දෙවතාවක්... මම චතූ ?❤
චතුරංගි හර්ශිකා 3 years ago 132 2 2
ඉඩෝරයේ අළු අහසට ආදර කවි කියන්න මට තාමත් බෑ ඒකට මගෙ සිතුවිලි යොමන්න ගිම්හානෙට ගිනි ගන්නා හිරුටත් පෙම් බඳින්න කවි හිතකට හැකියිලු ලොව හැමටම පෙම් කරන්න... ගහට මලට මේ අහසට ආදරයෙන් බැඳෙන්න ගලන දොළට වැව් ඉවුරට කවි හිත දිග හරින්න මලක ළපටි පෙති අතරේ හිතින් දෙතොල් තියන්න ප්‍රේමය නම් කිමැයි කියා කවි හිතකින් අහන්න... මම චතූ 2020 ඔක්තෝබර් මස 11 වැනි දා
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps