චතුරංගි හර්ශිකා 3 years ago 148 2 2

Nisadas Image

?? කහපාට මලක් ??

හිමි අහිමි හීනවල
ලියූ නොලියූ මතක
කවිකාර හිත පුරා
සිතුවම් කළෙමි නිබඳ...

අනන්තේ කෙළවරක
මගෙ හිතත් එක්ක මම
නැවතිලා ඉන්න ඇති
කවියක් වෙලා හවස...

නිහඩ අහසට යටින්
මගේ කවි අහන්නට
රතු පාට කුරුල්ලෝ
ඇවිත් යයි ඉඳහිටක...

කහපාට මලක් මම
දන්නවද හැමදාම
නැගෙන ඉරටත් ඉතින්
කවි කියනවා තාම...

හිරු අවරගිර කොණක
බැස ගියායින් පසුව
රෑ සදට කවි කියන
කෙවිලියක් වගේ මම...

මේ අහස ගහ කොලට
හරි ආදරෙන් තාම
හැම පුංචි කොලේටත්
පෙම් කරමි හැමදාම...

හෙන ගහන වැස්ස යට
පවා තනියෙන් රෑට
වැහි බිංදුවලට මම
පෙම් කරනවා තාම...

වසන්තය සිසිරයට
ගිම්හානයේ සැරට
මම ආදරෙයි ඉතින්
මේ අරුම ලෝකයට...

ජීවිතේ හැම පැයම
මල් නටුව අග ඉදන්
මියැදිලා යනතුරුම
කවි කියමි හැමදාම...

මම
චතූ

???????????????

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️❤️ ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps