චතුරංගි හර්ශිකා 3 years ago 107 2 2

Nisadas Image

හිතුවක්කාර සිතුවිලි

යදමින් බැඳ විලංගු ලා
කවි හිත සිර කරන්න බෑ
කවුරුත් ආවත් නාවත්
මට නොලියා හිදින්න බෑ...

කවිය අතැර පිට පාරක
මට වැඩි දුර දුවන්න බෑ
සිතුවිල්ලක් පත්ඉරුවක
කුරුටු නොගා ඉන්නත් බෑ...

මටම දඩුවමක් විදිහට
කවියෙන් සමුගන්නත් බෑ
කවි හිත නොමරා මරලා
නෙත් රිදවා ගන්නත් බෑ...

දහස් දෙනා යන එන මග
ගොළුවී නවතින්නත් බෑ
මට හුරු වූ මගේ කවිය
හැරදා මට යන්නට බෑ... ?

මම
චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Excellent ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps