චතුරංගි හර්ශිකා 3 years ago 128 2 2

Nisadas Image

සිතුවිල්ලක් කවි කළෙමි

මගෙන් හොරකම් කරපු
මගේ හිතවත්ම හිත
ආයෙමත් ගෙනැල්ලා
මටම පවරා යන්න...

මල් වැස්ස වහින්නට
ගිම්හානයට ඉතින්
ලස්සනම මදහාස
ඔය මුවග තවරන්න...

ලෝකෙටම හොර රහසේ
හැන්දෑවේ ගොම්මනක
මගෙ දෙනෙත් මත සොදුරු
කවියක්ව සැතපෙන්න...

හීන් පොද වැස්සකින්
පිණි පොකුරු ඇහිදින්න
ගිම්හානයේ එකම
මල් පොකුර සිපගන්න...

නෙත් මානයෙන් එපිට
වසන්තය ගැන ඔන්න
ලස්සනම කතාවක්
වෙලා හිත සනසන්න...

හන්තාන සිප ගත්තු
මද සුළඟ මෙහි එන්න
යළි මේග දූතයක්
මම ලියනවා ඔන්න...

මම
චතූ
2020 ඔක්තොම්බර් මස 11 වැනි දා ඉරිදා

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps