1,796 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 137 4 5

Nisadas Image

( උපුටා ගැනීමකි )

මිනිස්සු එනව
නිකං නෙවේ
උස්සගන්න බැරි තරමට
හීනත් අරගෙන

ඒ එන මිනිස්සු
උඹ මහ ඉහලින්
සක් පිඹල බෙර ගහල
පිලිගන්නව
ජීවිතේ උඩම තැනත් දීල

ඊට පස්සෙ හා හා පුරා
උඹ ආස විදිය කියල
උඹ අකමැති දේවල් කියල
උඹේ දුර්වලකං කියල
උඹ ඌට උඹව
උපරිමයෙන් අඳුන්වල දෙනව

උන් හෙමිහිට
හොරෙං හංගගෙන
පිලිවෙලකට රටාවට
පිටපත ලියනව උඹ ගැන
උන් රඟපාන්න ඕනි විදිය ගැන

කාලයක් හරි ලස්සනට
සංවරව හැදියාවකින් යුතුව
උන් උඹේ ලෝකෙ උන්ගෙ කරගෙන
උඹ උන්ට හැමදේම සින්නක්කර
ලියල දෙන තරමටම
උන් රඟපානව
සම්මානයක් දෙන්න පුළුවන්
තරමට - හෙමීට

ඉතිං අන්තිමට
උං ගිහිං සීරුවට
උඹට ඉතුරුයි පන ටිකක්
ඇතුලතින් මියයන
උඹට ඇත මතකයන්
තැනින් තැන
ඉරි ඇඳුන

මිනිස්සු ආ පලියට
උන් රස කර කතා කී පලියට
වචන වලින් පොරොන්දු
කඳු පිටිං උස්සගෙන ආ පලියට
උඹ විස්වාස කරනවද
උංව ජීවිතේ දෙන්න පුළුවන්
තරමට

ටිකක් උඹ දුරට පලයං
හිනාවත් අරං පලයං
බලං ඉඳපං සද්ද නොකරම
උන් කවුරුද මොකට ආවද

නොබෝ දිනකින්
හරි ඉක්මනට
නියම සතා එනව එලියට
ඊට පස්සෙ බලාපං
වසන්න පුළුවන් ද
ඌ එක්කල උඹට

(උපුටා ගැනීමකි)

චතුරංගි හර්ශිකා 4 years ago 223 4 3

Nisadas Image

මගෙ මිතුරි..............නුඹට ලියමි

ආදරණීය මිතුරිය,

හමුවීම් වෙන්වීම් බහුල
ජීවිතේ හරි පුදුමයි කියලා මට හිතෙනවා...

මේ නිසදැස් ඉමේදිම
මට හමුවුණු නුඹත් පුදුමයි...

වචන අතරෙ අකුරු අතරෙ
නිතර දෙවේලෙ හසරැල් පෑව කාලයත්
හරි පුදුමයි...

මේ නිසදැස් ඉමේ හමුවෙලා
අපි අපිව දැන හැඳින ගත් අයුරත්
හරි පුදුමයි...

මට තේරෙන්නේ නෑ
මට තේරුම් ගන්න බෑ

ඇස් තෙමන
හිත පාරන
කදුළු කතාවක් නුඹට තිබුණා...

මට නුඹ ගැන පුදුමයි...

නොහිතන මොහොතක ඇවිත්
නොහිතන මොහොතක
නොකියාම ගිහින්...

ජීවිතේ හරි බර ගොඩක්
ඒ පුංචි වයසට එකතු කරගෙන
අමාරුවෙන් හිනාවණු
මගෙ මිතුරිය...

කදුළු මැදින්
නැගිටින්න හයිය හොයපු
මගෙ මිතුරිය...

කාලෙත් එක්ක
ජීවිතේ ගොඩක් වෙනස් වෙයි...

මම බලා ඉන්නවා

මම,
චතු අක්කා







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps