චතුරංගි හර්ශිකා 3 years ago 120 2 2

Nisadas Image

කවි සිත්තම්

මුළු ලෝකයට හොරෙන් රහසේ
නුඹේ නෙත් අගින්
මම ඇහින්ද කදුලක් තවමත්
තිබේ මගෙ ළගින්...

ඔය ගිම්හානෙට වුණත් මෙහෙට
වහිනවා ඉතින්
රළු ඉඩෝරයට පවා තවම
ආදරෙයිනෙ මං...

එක නෙත් කැල්මක නුඹ තැවරූ
ළෙංගතුකම මැදින්
වන මල් සුවඳක් මම වින්දා
පත් ඉරුවක අගින්...

මේ වේදිකාව මත ආයෙත්
ඔය නෙත් ළග හෙමින්
හිත නැවතුනාට බැහැ මට දැන්
නවතින්නට පෙමින්...

මම
චතූ
2020 ඔක්තෝබර් මස 11 වැනි දා ඉරිදා

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Hmm ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps