චතුරංගි හර්ශිකා 3 years ago 227 3 3

Nisadas Image

මම සහ හිත

- සොයා යන මග -
____________________________________?____

හිත රිදෙන හීනයක හීනියට
නතර වුණ...
නෙතු අගට නිරන්තර කදුළු පමණක් ගෙනෙන...
අවතැන් හිතේ කොණක හැමදාම ඉඩ හොයන...
වැස්ස නුඹ වගේමයි හිත් පතන බිම තෙමන...

මේ ඉරට මේ අහස තරමටම
පෙම් කරන...
මහ පොළොව සිපගත්ත නැවුම් පස්වල සුවඳ...
හිත් කොණක මුතු කතාවක් හෙමින් යළි ගොතන...
පෙරඹරේ හිරු එළිය සිපගන්නවා
සුළග...

සීතලම කෙම් බිමක මතකයක් වී
නිදන...
අපි ලිව්ව කතාවම පස පෙරලමින්
හොයන...
එක අරුම මොහොතකදි ජීවිත පොතේ
ලියන...
මගෙ කවිය සොයා යමි කෙම් බිමේ හැම
තැනම...

මම,
චතූ
2020 - 10 - 12
10.15am

_____?___________________________________



Comments (3)

ශශී❤️? 3 years ago ලස්සනයි ❤?

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩාක් ලස්සනයි අක්කි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps