1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 156 3 4

Nisadas Image

අහිමි ප්‍රේමයක්

හිත් යාය මදු මලින්
පුරවන්න හීනයක..

සන්ධ්‍යාව රතු සළුව
පොරවන්න ගගන මත...

මල් වියන යට එකම
රතු රෝස කැකුලකට...

ආදරේ කළා සුදු
සලඹයෙක් පෙර දාක...

සමනල් තටු තරම්
ලස්සනක් නොවුණාට...

පුදුම ලස්සන හිතක්
තිබුණා ඔය ඌ ගාව...

රතු රෝස කැකුලු මල
පිණි වැස්සෙ තෙමෙනකොට...

ලෝකෙටම හොර රහසේ
හැඩුවාලු ඒ හිතම...

එක සොඳුරු දවසකදි
කඩවසම් තරුණයෙක්...

ලස්සන උයන් තෙරේ
රෝස මල ගෙන ගිහින්...

ඔහු ආදරේ කරන
පෙම්වතිය සනසන්න...

ඌ ආදරේ කරපු
රෝස මල ගෙන ගිහින්...

සලඹයා අදත් ඔය
රතු රෝස ගහ ගාව...

බලා ඉන්නවා ඉතින්
හැම සෘතුවෙම රෑට...

පෙර වගේ මද සුළඟ
කවි කතා කිව්වාට...

සිනා සෙන්නේ නැතිලු
හිතක් නෑ දැන් ඌට...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 161 3 4

Nisadas Image

☔ මගේ හිත නතර වුණු මම කැමති කිවිඳෙක් ගැන පුංචි සටහනක් ?❤

ඔහු නමින් එච් එම් කුඩලිගම විය.

"සැන්දෑ වලාවක සිට තොල්පෙති මතුල
සොබාදහම ඔබ රෝහිණි මම අතුල"?

සොබාදහමේ සුන්දරත්වය හෘදයංගම ලෙස උකහා ගත් කොළඹ කවිය සැබැවින්ම භාව ප්‍රකාශනයකි. මම වඩාත් ම ආදරය කරන කවියා එච් එම් කුඩලිගමයන් ය.☔?❤

"කදු බෑවුමක දං බෝවිටි පදුරු තලා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා
කලදෝ දියෙන් පොගවා රන් පුලින තලා
සංගීතවත් වී යමි ඉදිරියට බලා"

ලොව බොහෝ දෙනා සුන්දරත්වය ගෝචර කර ගන්නේ ඇසට හෝ සවනටයි. නමුදු කවියා සුන්දරත්වය දකින්නේ හෘද අභ්‍යන්තරයෙනි.❤✍

"සැගවෙමි එබෙමි නිසසල වෙමි සසල
වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදී හෝ මහ මුහුදු
හිමි
හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට
දෙමි"

ඒ අරුම චමත්කාරය පුදුම සහගත ය.??

"රන් තරු පිරිවරාගත් සඳ මඩල
යට
මහ වන බිමක් මැද ගිරි කුළු අතර
සිට
නොමියෙන හේලි දහමක පණිවුඩය
පිට
කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල
කොට"

මෙවන් ආදරණීය සුන්දර කවි රැසක් කුඩලිගම කවියාගේ පන්හිඳ තුඩගින් ලියවී ඇත. ඒ සුන්දර ම කවි අතරින් මා සිත් ගත් ආදරණීයම කවි කිහිපය ඉහත ලියා තැබුවෙමි.☔?✍

ඔබට ද රසවිඳිනු වස්...?❤

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps