1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 151 3 4

Nisadas Image

නුඹට✍

නොහිතූ මොහොතක
මා හැරගිය නුඹ නැවත
මට අමතාවි යැයි
මම කෙසේ සිතන්නද...

කාලයේ වැලි අතර
අපේ මතක
වළ දැමූ මම
දැන් නිරුත්තර ය...

නුඹ මා අමතා අසන
කුමන හෝ පැනයකට
මම කෙසේ නම්
පිළිතුරු ඇහිඳින්නද...

අපි ගිය මග මම නැවත නැවත
තනිව යන කළ
නුඹේ මතක මා රිදවූ තරම
මම කෙසේ නම් අකුරු කරන්නද...

අපි නැවතුණු තැන
මම තනිවම
වරු ගණන් බලා උන් බව
මම කෙසේ නම් කියන්නද...

නුඹේ නෙත නොගැටී
නුඹ ගිය මංපෙත් පුරා ගිය
මගේ සෙවනැල්ල නුඹ දුටුවාදැයි
මම කෙසේ විමසන්නද...

සදහටම මා වෙන් කළ නුඹට
සදහටම මා ප්‍රේම කළ බව
මම කෙසේ නම්
නුඹට පාපෝච්චාරණය කරන්නද...

වේදනාත්මක ප්‍රථම ප්‍රේමය
මා මරා දැමූ බව
මම ආලයට වෛර කරන බව
මම නුඹට කුමට කියන්නද...

මම ඇමතුම විසන්ධි කළෙමි
මම කෙටි පණිවුඩය මැකුවෙමි
කිසිදු පිළිතුරක් නොදී ඉන්නට
මම තීරණය කළෙමි...

නැවත මටම රිදවා
මට මා තුළින් හොයන්නට
අමුතු දෙයක් ඉතිරිව නැත
දුක ම මිස...

මම,
චතූ✍
2020 ඔක්තොම්බර් මස 26 වැනි දා
ප.ව.12.19

චතුරංගි හර්ශිකා 3 years ago 137 3 4

Nisadas Image

මහළු පෙම්වතෙක් තම ප්‍රථම ප්‍රේමය අවසන් වතාවට සිහිපත් කරමින් ලියයි...✍?

කාලීන සමාජයට
මා උන්මත්තකයෙකි...

මියැදි කවියක
කලෙක මමත් මියැසි පදයකි...

කාලයේ රුදුරු රකුසා
ජීවිතේ සාරය උරා බිව් කලට...

දිරා ගිය සිරුර තුළ
කිසිවෙකුට නොපෙනී තිබුණේ...

ඈ වෙනුවෙන්
අනන්ත වාරයක් වැලපුණු...

ඈ පොලොවේ ගසා පාගා දැමූ
මගේ අසරණ හදවතයි...

ප්‍රථම ප්‍රේමය මිහිරි ය
වරක් නොව කීප වරක්ම...

බොහෝ කවියන් කීවා මතකය
එය සැබෑවක්දැයි මට නිශ්චිත නැත...

වේදනාව තුළින් ම
මම මගේ කදුළු තුළ ඈව දැක ගතිමි...

ඈ දැනුදු මා ළග සිටී
මගේ හද තුළ හා මනස තුළ...

මම වැරහැලි මහල්ලෙකි
හදවත පිරිපුන් තරුණයෙකි...

ජීවිතේ අවිනිශ්චිත හෝරාවක
පණ අදින ප්‍රාණියෙකි...

හැබෑවටම මම
පරාජිත ප්‍රේම පූජාවකින් පසු සිහි සුන් වූ ඇටකටු ගොඩකි...

තව නොබෝ දිනකින්
සියල්ල අත්හැර...

මම පියාඹා යමි
එපිට ලෝකයට...

නමුත් සදහටම
මම ප්‍රේම කරමි...

ඇයට සහ
ඇගේ මතකයට...

මීට,
පරාජිත පෙම්වතා✍

_____________________________________?___

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 26 වැනි දා
ප.ව.12.06ට

චතුරංගි හර්ශිකා 3 years ago 135 3 6

Nisadas Image

වෙන්වීම

ආදරණීය කිටියා තවදුරටත් මගේ භෞතික ලෝකය තුළ මා සමීපයේ ගැටෙන්නේ නැත. නමුත් මගේ මනස තුළ නිරන්තර පෙර පරිදි කෑ ගසයි. හුරතල් පා තබා දුව ඇවිදියි.✍

සියල්ල අවසන් ය.
ඒ කතාංගයේත් අවසානයට
මා හුදෙකලා වූ බව
කිව යුතු ම ය...

බලාපොරොත්තු මත
ජීවිතේ බොහෝ දුර
කදුළු අතරින් වුවද
ඇවිද ආවෙමි...

සිහින දුටු
ප්‍රේම කළ හිතවතා
මට අහිමි විය
කෙසේ නම් හිත හදාගන්නද...

හැම තැනම හිස් ය
වෙනදාට පුරුදු කෑ ගෑම
ඇසෙන්නේ නැත
පාළුව හැම තැනම බදු අරගෙන ය...

වසන්තය අවසන් ය
මතක පොතේ තවත් පිටුවක්
එසේ ලියැවුණි
කදුළු මැදින්...

මම බලාගත් වන ම සිටිමි
මට විඩාවක් දැනේ
ලැබෙන සහ ආදරේ කරන
සියල්ල නැතිවන සුළු ය...

පෘතග්ජන මම
එය කෙසේ නම් වටහා ගන්නද
මම දුක් වෙමි
ආදරණීය කිටියා වෙනුවෙන්...

මම,
චතූ✍

චතුරංගි හර්ශිකා 3 years ago 130 3 6

Nisadas Image

ආදරණීය වෙන්වීම

මගෙ හිත කෑ ගහනවා...මට මේ දැනෙන හැඟීම මම කාටද කියන්නේ...මම මෙහෙම කුරුටු ගාන්න හිතුවා...✍

බල්ලෙක් බුරාගෙන බුරාගෙන යනවා
වෙන සද්දයක් නම් නෑ
පරිසරය නිශ්ශබ්දයි
බිරුම නැත්නම්...?

ඇත්තමයි මම මේ කුරුටු ගාන්නේ
මගෙ ආදරණීය පූස් පැටියා ගැන...✍

මම කවදාවත්ම පූසෙක් හදලා තිබුණේ නෑ.
පුංචි කාලේ ඉඳලම මම පුදුම ආදරෙයි පූසන්ට. මම පහේ ශිෂ්‍යත්වෙ පාස් උනාම, වෙන වෙන ළමයි ලොකු ලොකු තෑගි ඉල්ලනකොට, මට ඉල්ලන්න තිබුණු ලොකුම තෑග්ග පූසෙක්!
මම ඒ ලෙවලුත් ඉවර උනාට පස්සේ තමයි මට මුලින් ම පූසෙක් ලැබුණේ. මටම කියලා ලස්සන ආදරේ පිරුණු පූසෙක්. මට ඒක ඇත්තමයි පුදුමයක්.?
මම මගෙ කිටියට මොන තරම් ආදරේද...ඒ ආදරේ ගැන කියන්න මට වචන නැහැ.?
කොරෝනා උඹ මගෙන් ඈත් කළේ හුදෙකලා ජීවිතේ මට හිටපු එකම යාළුවාව. එකම ආදරවන්තයාව. එකම දරුවව.
අන්තිමට, මම හිත හදාගන්න මටම කියනවා...
ආදරෙයි නම් ඒ ආදරේ කරන කෙනාට හොඳක් වෙන දෙයක් කරලා තමන් ගැන හිතලා අඩන්නෙ නැතුව ඒ ආදරේ සතුටින් කොහේ හරි ඉන්නවා කියලා හිතලා ඒ ගැන සතුටු වෙන්න පුළුවන්...මම ඒක කරනවා දැන්!
නොදැනිම ඇස් වල කදුළු පිරුණට,
මම දන්නවා කිටියා හොදින් සතුටින් ඉන්නවා. මගෙ ළග නූනත්... කොහේහරි

?❤

චතුරංගි හර්ශිකා 3 years ago 157 3 6

Nisadas Image

? සිතුවිලි ?

__________________________________________
අවසානයේදී එය මෙසේ අහවර වීමට නියමිතව ඇත.?

ගායනා කළ හැකිද
ලියන්නම් සිතුවිල්ල
සරා සඳ මිය ගියත්
තාම තරුණයි අහස...?

අදුරු ජීවන කුටිය
එළිය කළ හිරු මලට
පෙම් කරා හැමදාම
දෙණියෙ මල් රතු රෝස...?

කැලෑ මලකට දෙවෙනි
නොවන හිරු මල එක්ක
ආදරෙන් බැඳුනාට
සොඳුරු පෙති වතුසුද්ද...☀️

වසන්තය මිය යත්දි
පර වෙලා ගහ යටම
වැටී අවසන් හුස්ම
හෙලුවාලු මැදියමක...?

අනියතයි ලෝ දහම
සිහිනිඟක් මැකී යාය
දෙනුවන් වැසී යාය
සියල්ල අතැර යා යුතුම ය...?

අවනත නැති හිතට
ජීවිතේ පාඩමක්
වැරදිලාවත් දිනෙක
කියා දිය යුතු නොවෙද...?

අහිංසක හීනවල
හෙලා අවසන් කදුළු
අතීතය තුළ එක්ව
මැකී වියැලී යා ය...?

නිල් දෙනෙත් කැලුම් රැස
මලානික වන දාට
දෙපා වාරුවක් නැත
අනියතයි හැමදේම...?

අඩි හයක් යට තැනක
දිනෙක මහ පොළොව යට
මටත් නිවසක් ලැබේ
මේ ගමනෙ අන්තිමට...?

මම,
චතූ✍
_____________________________??________

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
පෙ.ව.09.00

චතුරංගි හර්ශිකා 3 years ago 154 3 4

Nisadas Image

අපේ කතාව

? මම හදවතින් නුඹව බදා අල්වා ගනිත්දී....නුඹ මා දෑතින් අල්වා ගති. දෑතින් ඇල්වූ අත අත්හැරිණි. හදවතින් ඇල්වූ මා
තවමත් අල්වා ගත්වනම ය.?
__________________________________________

අත් හැරෙන බව දැනත්
අල්වා ගතිමි තදින්
මතකයිද කිව්වා මං
නොයන බව හැරදා ඉතින්...

නැවතුමේ හැමදාම
හැම උදේකම රැදී
මුණ ගැසී දෙඩූ හැටි
නුඹට අමතක ඇතී...

මම ආසා හැමදේම
දෙන්න මුදලක් නැතී
නුඹව අසරණ කළේ නෑ මම
ඒක නුඹ දන්නවා ඇතී...

හමුවීම් අපමණයි ඒ පොඩි
කාලයට අපි ළං වුණා
මට හරිම පුදුමයි මමත් ඔය
නුඹට ඒ හැටි පෙම් කළා...

මගේ මතකය ඔබේ හිත මත
තිබේ දැයි මම නොදත්තා
නුඹෙ මතක නම් මගේ හදවත
හැමදාම ගිනිබත් කළා...

- චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව. 04.21







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps