චතුරංගි හර්ශිකා 3 years ago 173 3 4

Nisadas Image

කුමට කවිකම්

මාලතී ලිය ගොමුවේ
බොහෝ මල් තිබුණි...

අතරින් පතර වැඩුණු
බොහෝ ගස් තිබුණි...

එකී නොකී මල් අතර
පිච්ච මලකටම ළං වෙන්නට...

සෙල්ලක්කාර සමනලයාට
දෙවියෝ ඉඩ දුන්නේ මන්දැයි නොදනිමි...

රෝස කැළේ පුරාවට
මේ මාලතී මඩුල්ල පුරාවට...

එදා අද පුරාවට
වෛවර්ණ මල් පිපුණි...

කුමටද නුඹ
පිච්ච මලටම ආදරේ කළේ...

පුදසුනක මියෙන්නට
හීන දුටු දෑස්...

ගිනිකණ වට්ටා
මල් නටුවෙන් මල සිද...

ගස මුලම හැරගිය
සමනලයා ගැන...

අහිතක් නැතත් දැන්
කිසිදු සලඹයෙකු ගැන හෝ...

සමනලයෙකු ගැන
දැන් හිතක් නැත...

ප්‍රේමය මියැදි කල
කුමට කවිකම්...

හදවත නොමැති ජීවයකට
කුමට මල් ලියකම්...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ලස්සනයි ??✍️❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps