1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 149 4 5

Nisadas Image

මතක පුරාවත

හැන්දෑවේ පිණි කැට
වලාකුළු අතරෙ හාදු තියනකොට...

ගගනතට ළං වෙන්න
තරු කුමාරියො හීන දකිනකොට...

රෑ පුරාවට මා වවුල්ලු
මට නොතේරෙන ගීත ගයනකොට...

අහංකාර පුරා හද
අද ඇවිත් නෑ අහසට අමාවක...

දන්නවද තාම තණ බිමට
හිරු එළිය ලස්සනට වැටෙනකොට...

සූරියකාන්ත මල් වලට
ජීවය පොවනවලු මද සුළඟ...

අහස් ගවුවෙන් එහා ඉමක
මට හොරෙන් ඉගිල්ලුනු මතක හිත...

මේග දූතයක් වෙලා
හීන දෙපාමුලටම ගෙනැල්ලද කොහෙද...

මැරුණු වැලලූ කතාවක
පිටුවෙන් පිටුව ආයෙත් කියවනකොට...

නොතේරෙන තැන් පහදන්න
ශබ්ද කෝෂයක් අවැසි නැහැ මට...

ජීවිතේ තක්සලාවෙන්
මම උගත් හැමදේම...

මේ තක්සලාවේ හැම ප්‍රශ්න පත්‍රයකටම
උත්තර ලියන්න සෑහේවි මට...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 172 3 4

Nisadas Image

අමතක නොකළ යුතු යමක්!

-රචකයා සහ සාරධර්ම-

අපි කවි ලියනවා
අපි කතා ලියනවා
අපි කවි කියවනවා
අපි කතා කියවනවා...

සමහර අයට වචන තියෙනවා
සමහර අයට වචන නෑ
සමහර අයට වචන නැතත්
රසවින්දන හැකියාව තියෙනවා...

ඒ නිසාම අපි ලස්සනයි කියලා හිතෙන
ලස්සනයි කියලා දැනෙන
ගොඩක් දේවල්
ආසාවෙන් කියවනවා...

ඒ කියවපු දෙයක්
අපි ආසා නිසාම
තවත් අයට බලන්න
වෙනත් තැනක ලියනවා...

ඇත්තමයි ඒක වැරදි නෑ
රසවින්දනය හැමෝටම පොදුයි
හැබැයි මතක තියාගත යුතු
එක දෙයක් තියෙනවා...

හැම නිර්මාණයකටම
අයිතිකාරයෙක් ඉන්නවා
ඔබත් සදාචාරාත්මක
රචකයෙක් වෙන්න...

ජීවිතේ ලස්සනම දේ
කියවීම සහ රසවින්දනය
මගෙ දෘෂ්ටියට අනුව
මම එහෙම හිතනවා...

ඉතින් ඔබේ නොවන දෙයක්
සදහන් කරනකොට
උපුටා ගැනීමක් බව
අමතක නොකර ලියන්න...

කුරුටු ගාන්න
ඕනිම කෙනෙකුට
අයිතියක් තියෙනවා
ඇත්තටම...

ඉතින් මොනවා කුරුටු ගෑවත්
සදාචාරාත්මක පුද්ගලයෙක් වෙන්න
අමතක නොකර
හිතට ගන්න...

මම,
චතූ✍







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps