චතුරංගි හර්ශිකා 3 years ago 138 3 4
කාලීන සමාජයට
මා උන්මත්තකයෙකි...
මියැදි කවියක
කලෙක මමත් මියැසි පදයකි...
කාලයේ රුදුරු රකුසා
ජීවිතේ සාරය උරා බිව් කලට...
දිරා ගිය සිරුර තුළ
කිසිවෙකුට නොපෙනී තිබුණේ...
ඈ වෙනුවෙන්
අනන්ත වාරයක් වැලපුණු...
ඈ පොලොවේ ගසා පාගා දැමූ
මගේ අසරණ හදවතයි...
ප්‍රථම ප්‍රේමය මිහිරි ය
වරක් නොව කීප වරක්ම...
බොහෝ කවියන් කීවා මතකය
එය සැබෑවක්දැයි මට නිශ්චිත නැත...
වේදනාව තුළින් ම
මම මගේ කදුළු තුළ ඈව දැක ගතිමි...
ඈ දැනුදු මා ළග සිටී
මගේ හද තුළ හා මනස තුළ...
මම වැරහැලි මහල්ලෙකි
හදවත පිරිපුන් තරුණයෙකි...
ජීවිතේ අවිනිශ්චිත හෝරාවක
පණ අදින ප්‍රාණියෙකි...
හැබෑවටම මම
පරාජිත ප්‍රේම පූජාවකින් පසු සිහි සුන් වූ ඇටකටු ගොඩකි...
තව නොබෝ දිනකින්
සියල්ල අත්හැර...
මම පියාඹා යමි
එපිට ලෝකයට...
නමුත් සදහටම
මම ප්‍රේම කරමි...
ඇයට සහ
ඇගේ මතකයට...
මීට,
පරාජිත පෙම්වතා✍
_____________________________________?___
මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 26 වැනි දා
ප.ව.12.06ට
Deesha(දීෂා)❤️ 3 years ago ? හ්ම්ම් ඔහොම ජීවිත කතා තව කොච්චර කතා ඇතිද? ලස්සනයි අක්කි ❤️
චතුරංගි හර්ශිකා 3 years ago Mmm...❤
ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි ❤
චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤