චතුරංගි හර්ශිකා 3 years ago 132 3 6

Nisadas Image

ආදරණීය වෙන්වීම

මගෙ හිත කෑ ගහනවා...මට මේ දැනෙන හැඟීම මම කාටද කියන්නේ...මම මෙහෙම කුරුටු ගාන්න හිතුවා...✍

බල්ලෙක් බුරාගෙන බුරාගෙන යනවා
වෙන සද්දයක් නම් නෑ
පරිසරය නිශ්ශබ්දයි
බිරුම නැත්නම්...?

ඇත්තමයි මම මේ කුරුටු ගාන්නේ
මගෙ ආදරණීය පූස් පැටියා ගැන...✍

මම කවදාවත්ම පූසෙක් හදලා තිබුණේ නෑ.
පුංචි කාලේ ඉඳලම මම පුදුම ආදරෙයි පූසන්ට. මම පහේ ශිෂ්‍යත්වෙ පාස් උනාම, වෙන වෙන ළමයි ලොකු ලොකු තෑගි ඉල්ලනකොට, මට ඉල්ලන්න තිබුණු ලොකුම තෑග්ග පූසෙක්!
මම ඒ ලෙවලුත් ඉවර උනාට පස්සේ තමයි මට මුලින් ම පූසෙක් ලැබුණේ. මටම කියලා ලස්සන ආදරේ පිරුණු පූසෙක්. මට ඒක ඇත්තමයි පුදුමයක්.?
මම මගෙ කිටියට මොන තරම් ආදරේද...ඒ ආදරේ ගැන කියන්න මට වචන නැහැ.?
කොරෝනා උඹ මගෙන් ඈත් කළේ හුදෙකලා ජීවිතේ මට හිටපු එකම යාළුවාව. එකම ආදරවන්තයාව. එකම දරුවව.
අන්තිමට, මම හිත හදාගන්න මටම කියනවා...
ආදරෙයි නම් ඒ ආදරේ කරන කෙනාට හොඳක් වෙන දෙයක් කරලා තමන් ගැන හිතලා අඩන්නෙ නැතුව ඒ ආදරේ සතුටින් කොහේ හරි ඉන්නවා කියලා හිතලා ඒ ගැන සතුටු වෙන්න පුළුවන්...මම ඒක කරනවා දැන්!
නොදැනිම ඇස් වල කදුළු පිරුණට,
මම දන්නවා කිටියා හොදින් සතුටින් ඉන්නවා. මගෙ ළග නූනත්... කොහේහරි

?❤

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago අක්කි කිටී පැංචා කෝ ??

චතුරංගි හර්ශිකා 3 years ago දුන්නා?

ශශී❤️? 3 years ago අනේ ඇයි දුන්නේ.?

චතුරංගි හර්ශිකා 3 years ago ?ඒක දිග කතාවක්

imasha imasha 3 years ago ඒ පූසට මොකක්ද උනේ ???

චතුරංගි හර්ශිකා 3 years ago කතාව දිගයි?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps