චතුරංගි හර්ශිකා 3 years ago 155 3 6

Nisadas Image

පිස්සෙක්

? අසම්පූර්ණ සිතුවිලි ⏯️

මද්දහන ඉර මලට
කවුදෝ කෙනෙක් ගිනි තියලා !!

පුර හඳ පායනකොට කෑගහන පිස්සෙක්
මහ දවාලෙ පාර දිගේ දුවනවා...

මිනිස්සු බය වෙලා
සී සීකඩ දුවනවා...?

වාහනයක් වේගෙන් ඇවිත්
මනුස්සයෙක්ව යට කරගෙන යනවා...

"කවුද යට වුණේ !
කෝ බලාපල්ලා... කවුද ඒ යටවුණේ...⁉️"

"පිස්සෙක්..."

"මොකෙක් ?"

"පිස්සෙක් බං පිස්සෙක්."

"ආ...ඒක මිසක්"

පිස්සාගේ මලකුණ නම නොදන්නා සොහොනක වල දමන ලදී.

පෙට්ටියක් නැතිවම...

***

මේ අහපල්ලා?

"ඒ පිස්සා මැරුණෙ නෑ"?

"මේ ලබ් ඩබ් ගාලා ගැහෙන්නෙ
ඌ මැරිලා නෑ..."?

"උඹලා යටකරේ උගෙ මතක..."

"ඌ ජීවත් වෙනවා"↩️?

***

මම,
චතූ✍️
2020 ඔක්තොම්බර් මස 25 වැනි දා
ඉරිදා
ප.ව.02 .47 ට

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ඈ ? ?

චතුරංගි හර්ශිකා 3 years ago පිස්සෙක්

ශශී❤️? 3 years ago ඔයා නිසදැස් ලියන concepts හරිම ලස්සනයි..මන් කැමති ඒවට ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks Shashi❤?

imasha imasha 3 years ago Oyage ewa harima lassanai ??

චතුරංගි හර්ශිකා 3 years ago Thanks imasha ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps