චතුරංගි හර්ශිකා 3 years ago 150 3 5

Nisadas Image

අමල් බිසෝ දොර නාරින්...✋

'අමල් බිසෝ දොර හැරපන්'
☝️ඇහෙනවද ගිනි දැල්ලක්
දොර අසබඩ බලා හිඳී
නුඹ එනතුරු පුළුස්සන්න...?

අමල් බිසෝ දොර නාරින්
නුඹ නොදුටුව බොහෝ නපුරු
විසකුරු උන් හරි එමටයි
ලෝකය තේරුම් ගත නොහැකියි...?

ගෙලට මාල තනන්නට
මුතු හොයන්නට
දෙමව්පියන් ගොස් ඇත
මහ ගන වනය තුළට...?

ජීවිතේ පුදුමාකාරය
මිනිසුන් විවිධාකාරය
පරසතු උයන වනසා
හිනාවෙන හොරු බොහෝය...?

නා මලක් ළග බඹරෙක්
නැවතිලා උන්නා පෙර දාක
නා මල මියෙන්නට පෙර
බඹරා ආගිය අතක් නැත...?

විෂම ලෝකය කතාවකි
නුඹ මම තවම නොකියැවූ
අමල් බිසෝ ලෝකේ
සතුරු සර්පයන් එමට ය...?

මම,
චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව.12.12

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago Hmm ? ලස්සනයි අක්කි ✍️?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

imasha imasha 3 years ago ලස්සනයි ❤️❤️❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps