චතුරංගි හර්ශිකා 3 years ago 158 3 6

Nisadas Image

? සිතුවිලි ?

__________________________________________
අවසානයේදී එය මෙසේ අහවර වීමට නියමිතව ඇත.?

ගායනා කළ හැකිද
ලියන්නම් සිතුවිල්ල
සරා සඳ මිය ගියත්
තාම තරුණයි අහස...?

අදුරු ජීවන කුටිය
එළිය කළ හිරු මලට
පෙම් කරා හැමදාම
දෙණියෙ මල් රතු රෝස...?

කැලෑ මලකට දෙවෙනි
නොවන හිරු මල එක්ක
ආදරෙන් බැඳුනාට
සොඳුරු පෙති වතුසුද්ද...☀️

වසන්තය මිය යත්දි
පර වෙලා ගහ යටම
වැටී අවසන් හුස්ම
හෙලුවාලු මැදියමක...?

අනියතයි ලෝ දහම
සිහිනිඟක් මැකී යාය
දෙනුවන් වැසී යාය
සියල්ල අතැර යා යුතුම ය...?

අවනත නැති හිතට
ජීවිතේ පාඩමක්
වැරදිලාවත් දිනෙක
කියා දිය යුතු නොවෙද...?

අහිංසක හීනවල
හෙලා අවසන් කදුළු
අතීතය තුළ එක්ව
මැකී වියැලී යා ය...?

නිල් දෙනෙත් කැලුම් රැස
මලානික වන දාට
දෙපා වාරුවක් නැත
අනියතයි හැමදේම...?

අඩි හයක් යට තැනක
දිනෙක මහ පොළොව යට
මටත් නිවසක් ලැබේ
මේ ගමනෙ අන්තිමට...?

මම,
චතූ✍
_____________________________??________

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
පෙ.ව.09.00

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් යථාර්ථය ✍️?

චතුරංගි හර්ශිකා 3 years ago Hmm✍

ශශී❤️? 3 years ago හ්ම්ම් ❤️

චතුරංගි හර්ශිකා 3 years ago

imasha imasha 3 years ago ඒක ඇත්ත

චතුරංගි හර්ශිකා 3 years ago Mmm...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps