චතුරංගි හර්ශිකා 3 years ago 152 3 4

Nisadas Image

නුඹට✍

නොහිතූ මොහොතක
මා හැරගිය නුඹ නැවත
මට අමතාවි යැයි
මම කෙසේ සිතන්නද...

කාලයේ වැලි අතර
අපේ මතක
වළ දැමූ මම
දැන් නිරුත්තර ය...

නුඹ මා අමතා අසන
කුමන හෝ පැනයකට
මම කෙසේ නම්
පිළිතුරු ඇහිඳින්නද...

අපි ගිය මග මම නැවත නැවත
තනිව යන කළ
නුඹේ මතක මා රිදවූ තරම
මම කෙසේ නම් අකුරු කරන්නද...

අපි නැවතුණු තැන
මම තනිවම
වරු ගණන් බලා උන් බව
මම කෙසේ නම් කියන්නද...

නුඹේ නෙත නොගැටී
නුඹ ගිය මංපෙත් පුරා ගිය
මගේ සෙවනැල්ල නුඹ දුටුවාදැයි
මම කෙසේ විමසන්නද...

සදහටම මා වෙන් කළ නුඹට
සදහටම මා ප්‍රේම කළ බව
මම කෙසේ නම්
නුඹට පාපෝච්චාරණය කරන්නද...

වේදනාත්මක ප්‍රථම ප්‍රේමය
මා මරා දැමූ බව
මම ආලයට වෛර කරන බව
මම නුඹට කුමට කියන්නද...

මම ඇමතුම විසන්ධි කළෙමි
මම කෙටි පණිවුඩය මැකුවෙමි
කිසිදු පිළිතුරක් නොදී ඉන්නට
මම තීරණය කළෙමි...

නැවත මටම රිදවා
මට මා තුළින් හොයන්නට
අමුතු දෙයක් ඉතිරිව නැත
දුක ම මිස...

මම,
චතූ✍
2020 ඔක්තොම්බර් මස 26 වැනි දා
ප.ව.12.19

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ??? අනේ................ ලස්සනයි නිසදැස ✍️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps