චතුරංගි හර්ශිකා 3 years ago 150 3 5

Nisadas Image

වසන්තයේ අග

ඇහැළ මහ වැහි කලුව
එලා තිරපට හවස
ඉදහිටත් බිදෙන් බිද
කදුළු වැහි බිඳු හලන...

මලානික අහස යට
හීතලම හුළං පොද
බලා අවසන් මතක
නිමා නොකරනු කිමද...

බක් මහට මෙහි ආව
කොවුලෙක්ගෙ කෑ ගෑම
නොනැවතී ඇසෙන්නේ
හැර ගොසින් දෝ පියඹ...

වැහි බරම අහස් ගැබ
පාරනා මතක පොත
කොවුල් වැලපුම අතර
යළිත් හිත වෙලාගෙන...

- චතූ

Comments (5)

ශශී❤️? 3 years ago ම්ම්ම්

චතුරංගි හර්ශිකා 3 years ago Hmm

Rasika Maduwanthi 3 years ago මේ ලොකේ හොදින් කියන හැමෝම හොදින් නෙමෙයි

චතුරංගි හර්ශිකා 3 years ago ම්...? ඒක ඇත්ත

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම්





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps