චතුරංගි හර්ශිකා 3 years ago 150 4 5

Nisadas Image

මතක පුරාවත

හැන්දෑවේ පිණි කැට
වලාකුළු අතරෙ හාදු තියනකොට...

ගගනතට ළං වෙන්න
තරු කුමාරියො හීන දකිනකොට...

රෑ පුරාවට මා වවුල්ලු
මට නොතේරෙන ගීත ගයනකොට...

අහංකාර පුරා හද
අද ඇවිත් නෑ අහසට අමාවක...

දන්නවද තාම තණ බිමට
හිරු එළිය ලස්සනට වැටෙනකොට...

සූරියකාන්ත මල් වලට
ජීවය පොවනවලු මද සුළඟ...

අහස් ගවුවෙන් එහා ඉමක
මට හොරෙන් ඉගිල්ලුනු මතක හිත...

මේග දූතයක් වෙලා
හීන දෙපාමුලටම ගෙනැල්ලද කොහෙද...

මැරුණු වැලලූ කතාවක
පිටුවෙන් පිටුව ආයෙත් කියවනකොට...

නොතේරෙන තැන් පහදන්න
ශබ්ද කෝෂයක් අවැසි නැහැ මට...

ජීවිතේ තක්සලාවෙන්
මම උගත් හැමදේම...

මේ තක්සලාවේ හැම ප්‍රශ්න පත්‍රයකටම
උත්තර ලියන්න සෑහේවි මට...

මම,
චතූ

Comments (5)

ශශී❤️? 3 years ago ගොඩාක්ම ලස්සනයි❤

චතුරංගි හර්ශිකා 3 years ago ගොඩක් ස්තුතියි ?❤

Geethanjalee ? 3 years ago Lssani akki❤️

Deesha(දීෂා)❤️ 3 years ago Woooow? ගොඩක්ම ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps