චතුරංගි හර්ශිකා 3 years ago 163 5 5

Nisadas Image

අත්හැරීම සහ අල්ලා ගැනීම


අත්හරින්න සිතා
මිටි කරගත් දෑත්
අත්හැරි පසුව ඉතුරු වූයේ
හිස් දෑතයි...

එවිට තවත් බොහෝ දෑ
අල්වා ගැනීමට
හිස් දෑත් වලට
හැකි විය...

අත්හැරීම වනාහි
අල්ලා ගැනීමක් ද
එවිට අත්හැරීමක්
නැතිද?

අල්ලා ගැනීම
පමණමද
ජීවිතයේ
හැම තැනකම තිබුණේ?

මම,
චතූ

Comments (5)

Geethanjalee ? 3 years ago ?

ශශී❤️? 3 years ago දෙයක් අල්ලගත්තම අතහරින්න ගොඩක් අමාරුයි චතූ? ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ම්...ඒක ඇත්ත ශශී... thank you

Deesha(දීෂා)❤️ 3 years ago අර්ථවත් ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps