චතුරංගි හර්ශිකා 3 years ago 172 3 4

Nisadas Image

අප්පච්චි

හෙන ගහන වැස්සටත්
සිතුවිලි අහුරු සේදී නොයා...

ගිනි ගහන අව්වටත්
අහස් කුස තරම් ඉවසා දරා...

ජීවිතේ දුර ගමන
ආදරණීය සිතුවමක් කළා...

මගෙ අප්පච්චි නුඹ
සෙනෙහසට අරුතක් වුණා...

වැටෙන කොට නැගිටින්න
හයිය නුඹ මට පුදා...

හැම නැවතුමක් තුළම
ඇරඹුමක් පෙන්නුවා...

දිනෙක දිවි රංගනය
මම තනිව විඳින දා...

කියා දුන්නා ඉන්න
මහ පොළොවෙ පය ගසා...

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago අප්පච්චි ? ගොඩාාක් ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr

ශශී❤️? 3 years ago තාත්තා ? ගොඩක් ලස්සනයි චතූ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you shashi ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps