චතුරංගි හර්ශිකා 3 years ago 153 3 4
? කිරි අම්මා ? අහිංසක පැතුමක් පතන්නට මෙළෙක් හදවතක්... මට දුන්නු ඔවදනක් කිසිදාක නෑ මගහැරියෙ මමත්... කුරුල්ලෙක් උනත් මහ දළ ඇතෙක් උනත්... පණ තියෙන සතෙක් නසන්න එපා කිසිදා පර පණක්... පුංචි කාලේ ඉඳන් ජීවිතේ ගැන ගොඩක්... කියා දුන්නා පෙමින් ආදරය මහ මෙරක්... අවතැන් හිතක් පිරි මදින හැටි නෙතින්... ආදරේ පිරුණු හදවතක් මට දුන්නු නුඹ සොඳුරු කතක්... නැතක් බාධක ආවත් නොමැකෙන හිනාවක්... ඇත්තමයි කිරි අම්මේ නුඹට ඇත්තේ පුදුම හිතක්... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 19 වැනි දා 07.25 pm
චතුරංගි හර්ශිකා 3 years ago 167 3 4
? හැන්දෑවක් ? නම නොදන්න කුරුල්ලෙක් හෙමිහිට කෑ ගහනවා...? පරිසරය නිශ්චලයි ඉර අහස කොණක ගිලෙන්න අර අඳිනවා...? හුළං රැල්ලක් වත් නිකමටවත් නොඑන හින්දා ගස් මුදුන් තුෂ්නිම්භූතව බලා ඉන්නවා...?? කහ පාට ආකහේ හෙමි හෙමින් රතු පාට ඉරි ඇඳෙනවා...? තවත් එක දවසක හවසක මම ගල් බංකුව උඩ වාඩිවෙලා ඉන්නවා...? හුදෙකලා රස්තියාදුවට හිත පුරුදු වෙලා මට නොකියම එහෙ මෙහෙ යනවා...? මම, චතූ 2020 ඔක්තොම්බර් මස 19 වැනි දා ප.ව.04.22
චතුරංගි හර්ශිකා 3 years ago 126 3 4
?පෙම්වතෙකුගේ කවක් ✍ ඉතින් අවසර හිනැහෙන්න මට සිහිනයක් ළග නැවතිලා මම...? පුංචි දෙණියේ මගේ අත ගෙන ගුරු ගෙදර ගිය සිගිති මිතුරිය...? ජීවිතේ බෝ දුර ගෙවාගෙන පෙම්වතිය වී ළගින් නැවතුණ...? ගම් දනව්වේ වතුසුද්ද මල නුඹ මගේමයි සෙනෙහෙබර හිත...?? මතක විනිවිද අතීතේ දුර දෝත පුරවා නෙළුම් මල් මිටි...? මලසුනේ නෙක කුසුම් අතරේ පුදා පැතුවා පැතුම් මල් මිටි...? ආදරේ යන අකුරු අතරේ ජීවිතේ යනු කිමැයි කී නිති...? මගේ ජීවන ගුවන් තලයේ සදා හිනැහෙනු පුර හඳක් රිසි...? මම, චතූ ✍ 2020 ඔක්තොම්බර් මස 19 වැනි දා ප.ව. 04.26
Rasika Maduwanthi 3 years ago 220 2 3
මම = ආදරෙයිද මට එයා = මන් ආදරෙයි මම = ඇත්තම ද එයා = ඔව් මම = දිවුරන්න එයා = ඔයා පල්ලා මම = ? මදූ ✍ 2020.10.19 7.48 ප.ව
Rasika Maduwanthi 3 years ago 173 0 0
චතුරංගි හර්ශිකා 3 years ago 184 3 9
අපූරු ලෝකයේ තවත් දවසක කතාව... දන්නවද මේ අහස මල්වලට කියන කවිය... සිනහව වගේම උරුමයි ලු ලොවේ වේදනාව... එනමුත් බලාපොරොත්තු ජීවත් කරයි ලු ජීවිතය... ගිම්හානයට මියෙන පතොක් මලක් රහසින්... පෙම් කරාලු ඔන්න සුදු පාට වලාකුලකට... ගිනියමේ ගගන මත වැහි වලාකුළු කොහෙද... ගිනිගන්න ගගනටත් හිතක් තිබුණා ලු මෙලෙක.. මම, චතූ 2020 ඔක්තොම්බර් මස 17 වැනි දා 3.00pm
Rasika Maduwanthi 3 years ago 151 4 3
අනිත් හැමෝම එක්ක හිනාවෙන මට විතරක් නපුරුකම් කරන මන් ඇඩුවොත් හිනස්සන ආදරෙයි නේද නුබ මට නපුරුකම් කෙරුවට ඔබේ හිනාවට වශී වෙලා මම හීනෙනුත් පෙන්නේ නුබේ හිනාවම ? ඔබේ කටහඩ දෝන්කාර දේන්නෙ මගේ හදවත තුල ලබ් ඩබ් නොවෙයි මගෙ හදේ ගැස්ම ඔබේ නමයි මගේ හදේ ගැස්ම මදූ ✍ 2020.10.18 11.00 ප.ව
Rasika Maduwanthi 3 years ago 298 0 0
Rasika Maduwanthi 3 years ago 158 3 1
අකීකරූ සිතුවිලි නවතන්න නොහැකි මට කොහෙන් ගලා එනව දෝ කියා නොදනිමී මම සිතටවත් නැත නිදහසක් කිමද පලිගන්නෙ මේ විලසට අවැසි මා හට නිදහසක්මය. කවදා ලැබෙයි දෝ සිතේ නිදහස මදූ ✍ 2020.10.18 10.40 ප්.ම්
Rasika Maduwanthi 3 years ago 160 3 2
ඔබ වෙනුවෙන් මා ඉන්නම් සැමදා නුබ කැමතිනම් පමනක් නෑ කිසිදා වෙන්නේ ඔබට කරදරයක් ඔබට මා වදයක් යැයි සිතෙනා ඊලග නිමේශයේ මා යන්නම් ඔබෙන් ඈතට ........ අගයක් නැති තැන අකමැතියි මා රැදෙන්නට එය තෙරෙන කල නැත මා නුබ ලග...... ඔබේ සතුට ඇති තැනට යන්න අවසර දෙන්නම් ඔබ හට කිසි විටෙක බාදාවක් නොවෙන්නම් මා නුබට ඉන්න සතුටින් සදාකාලිකව පතන්නම් මා ඔබේ සතුටම ? මදූ ✍ 2020.10.18
Rasika Maduwanthi 3 years ago 158 2 2
සිහි වෙන්නේ නුබ පමනමයි ඔය සිනහවයි , ඔය කතාවයි පෙම් බැන්දේ නුබටමයි නුබ මගේමයි මා නුබේමයි සත්තකින් හරි ආදරෙයි මන් මදූ✍️ 2020.10.18
චතුරංගි හර්ශිකා 3 years ago 136 4 4
අහස පුරාවට අපේ පුරාවත හවසක ලියන්න මට හැකි නම් අද... දෙරණ පුරාවට සිතුවිලි කැටයම් කැටපත් පවුරක් මවන්න හැකි මට... අපේ කතාවම ඒ තරමට හිත පාරනවා ප්රිය අහිමි නුඹේ පෙම... දිවි පියසේ එක මොහොතක අපි යළි නෙත ගැටුණොත් මම මගහැර යමි නුඹ... මම, චතූ 2020 ඔක්තොම්බර් මස 17 වැනි දා 01.20pm
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps