චතුරංගි හර්ශිකා 3 years ago 147 3 4

Nisadas Image

සිතුවිලි කවියක්

කුරුල්ලෙක් කිරිල්ලට කියන කවියක් ✍??

එක දිගට දුක් ගැහැට
එයි ඉතින් ජීවිතේ...

කිරිල්ලියෙ ඔය නුඹට
ආදරෙයි පණ වගේ...

නෙතඟ කදුලක් තියා
හැර යන්නෙපා සඳේ...

මම නෑ සිනාසුනේ
කහ මලට තණ බිමේ...

උදේ ඉර වඩිනකොට
හිරු එළිය දිලෙනකොට...

කහ මලත් තණ බිමේ
හිනැහුණා ලස්සනට...

හිනාවට ළං වෙලා
මම ඇදෙස නොබැලුවට...

නැගෙන ඉර නම් ඉතින්
පෙම් කළා තව ඇයට...

නුඹ සොවින් තැවෙන්නේ
මන්ද මා ප්‍රිය සොඳුර...

කුරුළු හදවත් ගියේ
කිරිල්ලන්ටම නොවෙද...

බොරු තරහා ඉවත ලා
සිනාසෙනු පෙම්වතිය...

මම පෙම් කළේ නෑ
සත්තමයි කහ මලට...?❤

- මම
චතූ

2020 ඔක්තොම්බර් මස 18 වැනි දා
12.05am

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago Wooow ලස්සන වචන ❤️ "මම පෙම් කලේ නැහැ සත්තමයි කහ මලට" ලස්සනම ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you deesha?❤✍

ශශී❤️? 3 years ago Nice ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps