චතුරංගි හර්ශිකා 3 years ago 162 3 4

Nisadas Image

☔ මගේ හිත නතර වුණු මම කැමති කිවිඳෙක් ගැන පුංචි සටහනක් ?❤

ඔහු නමින් එච් එම් කුඩලිගම විය.

"සැන්දෑ වලාවක සිට තොල්පෙති මතුල
සොබාදහම ඔබ රෝහිණි මම අතුල"?

සොබාදහමේ සුන්දරත්වය හෘදයංගම ලෙස උකහා ගත් කොළඹ කවිය සැබැවින්ම භාව ප්‍රකාශනයකි. මම වඩාත් ම ආදරය කරන කවියා එච් එම් කුඩලිගමයන් ය.☔?❤

"කදු බෑවුමක දං බෝවිටි පදුරු තලා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා
කලදෝ දියෙන් පොගවා රන් පුලින තලා
සංගීතවත් වී යමි ඉදිරියට බලා"

ලොව බොහෝ දෙනා සුන්දරත්වය ගෝචර කර ගන්නේ ඇසට හෝ සවනටයි. නමුදු කවියා සුන්දරත්වය දකින්නේ හෘද අභ්‍යන්තරයෙනි.❤✍

"සැගවෙමි එබෙමි නිසසල වෙමි සසල
වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදී හෝ මහ මුහුදු
හිමි
හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට
දෙමි"

ඒ අරුම චමත්කාරය පුදුම සහගත ය.??

"රන් තරු පිරිවරාගත් සඳ මඩල
යට
මහ වන බිමක් මැද ගිරි කුළු අතර
සිට
නොමියෙන හේලි දහමක පණිවුඩය
පිට
කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල
කොට"

මෙවන් ආදරණීය සුන්දර කවි රැසක් කුඩලිගම කවියාගේ පන්හිඳ තුඩගින් ලියවී ඇත. ඒ සුන්දර ම කවි අතරින් මා සිත් ගත් ආදරණීයම කවි කිහිපය ඉහත ලියා තැබුවෙමි.☔?✍

ඔබට ද රසවිඳිනු වස්...?❤

මම,
චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ගොඩක්ම ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you ?✍

ශශී❤️? 3 years ago ම්ම්ම් සින්හල සාහිත්‍යය පොතේ තිබුනු කවි..ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ම්...ඒකනෙ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps