චතුරංගි හර්ශිකා 3 years ago 118 3 4

Nisadas Image

මතක හිත

නිරන්තර නෙත් කෙවෙනි
කඳුලින්ම තෙත් කරන
ජීවිතේ නැවතුමක
මගෙ කවිය ලියනකොට...

හුදෙකලා හිත ඉතින්
කෑ නොගහ උන්නාට
දන්නවද නෙතු දෑල
තෙත් කළා හැම රෑම...

අනන්තෙට එහා ගිය
හීන අහසක් උසට
අපි ලියපු කතාවම
කතාවක් විතරමද...

අහිංසක හීනයක
කඳුළු තැවරූ නුඹට
වෛරයක් නෑ හිතේ
මම හඟිමි ජීවිතය...

මම
චතූ

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
07.45 pm

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thank you dr ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps