1,798 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 3 years ago 148 4 6

Nisadas Image

මට වැඩිහිටියෙක් වෙන්න ඕනි නෑ

දන්නවද ළමා හීන වලට
උස් මිටි බේද තිබුණේ නෑ...
ආදරණීය ළමා ලෝකයේ
කුල මල සමයං තිබුණේ නෑ...

දුප්පත් පොහොසත් භේදයක් නැතිව
ඉර හැම පුංචි එකෙක්ටම
එක වගේ එළිය දුන්නා වගේම
සොබාදහමට පංගු පේරු තිබුණේ නෑ...

ජීවිතේ විඳින්න විඳගන්න
ළදරු හිත් වලට
ලිමිට් තිබුණෙ නෑ
වැට කඩුළු තිබුණේ නෑ...

සත් මහල් මැදුරෙත්
දුගී පැලෙත්
ළදරු හිනාවට
පාට පක්ෂ තිබුණෙ නෑ...

ආදරණීය සුළං වුණත්
කහට කුල මල නොබලා
ළදරු හිත් වලට ළං වෙන්න
දෙපාරක් හිතුවේ නෑ...

හරි සුන්දරයි
ජීවිතේ බරක් පතලක් නැති
ළමා විය ඇතුළෙ
අපි හැමෝටම දුකක් දැනුනෙ නෑ...

ඒ නිසාමයි මම මේතරම් මනාප
ඒ සන්දියට ගිහින්
ඔරලෝසු කටුව එක තැන තියලා
හැමදාම ළමයෙක් වෙලා ඉන්න...

දන්නවද ඇත්තටම
මේ විෂම ලෝකය ඇතුළෙ
දින සති මාස ගෙවලා
මට වැඩිහිටියෙක් වෙන්න ඕනි නෑ...

මම,
චතූ
2020 නොවැම්බර් මස 06 වැනි දා
පෙ.ව. 08.14

චතුරංගි හර්ශිකා 3 years ago 172 4 5

Nisadas Image

හිතෙන් පිටමං නොවන නුඹ නම් ඉනාවක්

ලියන්නද මමත් එකම එක කතාවක්
පුරාවෘත්තයක් තරම් සොඳුරු නොවුණත්
හිත ඇතුලේ දෙතුන් වතාවක්
මැවූ බව හැබෑවක් ටජ් මහලක්...

නිතර කදුලැලි හෙමින් ගලාවිත්
තෙත් කරයි නෙත් එයත් කලාවක්
දන්නවද මේ හිත කෑ ගසයි ආයෙත්
දකින්නට නුඹව එකම එක වතාවක්...

නොලියූ කතාවක අදුරු සෝ බර හිනාවක්
මවයි සිතුවිලි පුරාවට වේදනාවක්
දන්නවද ආදරේ නුඹ යළිත් ආවොත්
කියන්නට තිබේ මටත් දිග කතාවක්...

දන්නවද ඔය දෑස් මහිතට භාවනාවක්
නුඹ ළගදි හිත සැනසෙනා අයුර පුදුමයක්
නුඹවම පතන හිත අකීකරු ළදරුවෙක්
හිතෙන් පිටමං නොවන නුඹ නම් ඉනාවක්..

මම,
චතූ
2020 නොවැම්බර් මස 05 වැනි දා
ප.ව. 10.03

චතුරංගි හර්ශිකා 3 years ago 145 4 5

Nisadas Image

මගෙ හීන හිතම බොඳ කෙරුවේ නුඹේ ආදරේ

සඳ තරුත් එක්ක හාද වෙලා වලා
තීරයේ...
පෙම් ගීත ගයන නාද රටා පාළු
නිම්නයේ...
නුඹ නාව හීන රෑක තනිව කදුළු
ගංතෙරේ...
මම තියා ගියපු කදුළු වලට පාට
නෑ ප්‍රියේ...

සුදු සේල පුරා පිරුවට ගෙන යනෙන විජිතයේ...
හිත මතක සුවඳ පමණක් මට ඉතුරු වූ පැයේ...
හද මලට හොරෙන් අහසක මම සඳක් වී රැයේ...
හැකි වුණොත් ලියමි අපේ කවිය ගගන මායිමේ...

ලොව හැමට හොරෙන් මල් පෙතිවල ලිව්ව ආදරේ...
පෙති පරව මියෙන දිනෙක අතැර යනෙන මාවතේ...
බොර පාට ගැහුණු ගග දිය රැළි අතර තනි කළේ...
මේ ආදරේ ද නෑඹුල් හිත සක්වලක්
කළේ...

පෙර වීදි පුරා දෑත් රැගෙන තුරුළු වූ
පැයේ...
මුදු හාදු තියා සවන් ළගට මුමුණමින්
ගියේ...
තරු පුරාවතක් පමණක්මයි කදුළු දුන් රැයේ...
මගෙ හීන හිතම බොඳ කෙරුවේ නුඹේ ආදරේ...

මම,
චතූ
2020 නොවැම්බර් මස 05 වැනි දා
ප.ව. 09.13

චතුරංගි හර්ශිකා 3 years ago 162 4 5

Nisadas Image

උදෑසනක්!

__________________________________________
?☀?☀?☀?☀?☀?☀?☀?

☀ඉර ඇවිත් තනියෙන්ම
කහපාට සළු දරන්
නිල් වලාකුළු සේල
සොඳුරු සිතුවිලි මවන්...?

?මියැදෙනා තරු කතා
පුරාවත් යට කරන්
උදෑසන උදා වුණි
තණ පතට පිණි අරන්...?

?කුරුළු හඩ පරයනා
සුළං රැල් ඇවිත් යන
තුරු මුදුන් පුරාවට
වෙලී පැටලී එතෙන...?

?කාලයෙන් කාලයට
නොවෙනස්ව හිනාවෙන
පොළොව මත අලුත් පැළ
මල් දරා බලාගෙන...??

?කුඹුරු යායට උඩින්
සිහින සිත්තම් කරන
කහපාට ඉර රැසට
සිතුවිලි සිහින මවන...??

☀උදෑසන අරන් ආ
සිසිලසට පණ පොවන
ගස් පවා සර සරය
නගයි ගී කවි විලස...??

?මේ උදා ගී ගෙනෙන
මද පවන සිප වැළඳ
ඒ සුළග හා මුසුව
පාවෙන්න මට බැරිද...?

?කදු මුදුන් පිස ගලන
සුදෝ සුදු දිය ඇල්ල
සොඳුරු සිතුවිලි අතර
රැදී හිනැහුණු අයුර...?

?ගගබඩට තනි රකින
කොක් රෑන් කලබලය
තිත්ත පැටවුන්ට නම්
ගානකුත් නැති හැඩය...?

?වක්කඩේ දිය සුළිය
මැද හිනාවෙන නිතර
මාළුවෝ කී සොඳුරු
කවි කතා හරි හැඩය...?

?මේ අරුම අපූරුව
අරන් ආ උදා ඉර
හෙටත් පායා ඒවි
අරන් මේ කලබලය...☀

?උදෑසන මවන රූ
හැබෑවට සුන්දරය
ඒ අසිරි වනන්නට
මටත් උපමා හිගය...?

මම,
චතූ✍

?☀?☀?☀?☀?☀?☀?☀?

චතුරංගි හර්ශිකා 3 years ago 134 8 9

Nisadas Image

ජීවිතයේ සැඳෑ සමය

_____________________________________⛈___

වසන්තය මිය යද්දී
දිගන්තය පුරාවට
මල් වදුළු පිසගෙන
මද නළ හමා ගිය වගයි...

ලොවේ හැමටම රහසින්
හුදෙකලා මුල්ලක
මගේ හිත් මල
ජීවය සිඳී මිය ගිය වගයි...

මහලුවිය ගෙනා
උරුම දුබලකම
දෙපා දෑත් පවා
යදමින් බැඳ ලූ හැඩයි...

තවමත් පණ ගැහෙන
හද මල විතරක්ම
සිසිරයට පවා
නෙතඟ තාරුකා එළි මවයි...

හැබෑවට සැඳෑ සමය
පෑල දිග අහස් ගඟ
රක්ත සළුවෙන් වෙලා
මතක පුරා වත් ගිනි තැබූ හැඩයි...

තාරුණ්‍යය මැකී යන තුමුල
සොඳුරු කළු කෙස්
ශ්වේත වර්ණිත ව
එකිනෙක වැටී යයි...

ගඟක් වූවා නම්
නියඟයට සිඳෙනු ඇති
මලක් වූවා නම්
දිනක පරවී මියෙනු ඇති...

පෙමක් වූවානම්
දිනෙක එය අහිමි වනු ඇති
මමත් මේ රංග භූමියෙන්
දිනක බැස යාමට නියමිතව ඇති...

මම,
චතූ✍
2010 නොවැම්බර් මස 04 වැනි දා
ප.ව.11.49

_____________________________________⛈___

චතුරංගි හර්ශිකා 3 years ago 144 4 5

Nisadas Image

නුඹේ රුව සිතුවම් කරන්නෙමි

_____________________________________?___

?වරින් වර අප ඇවිද ගිය මග
නිරන්තර මම ඇවිද හෙව්වෙමි...

?විටින් විට අප උන්නු තැන්වල
වරු ගණන් මම බලා උන්නෙමි...

☀සියක් වර නුඹ නමට හිත්මල
හඩද්දී මම හිනා හෙව්වෙමි...

⏳සහස් ගව් දුර නුඹේ පෙම් වත
හොය හොයා හිත පෙලා දැමුවෙමි...

☔නැතක් හිත් වේදනා අභිමුව
පතිනි දෙවොලේ හඩා වැටුණෙමි...

?අදත් ඊයෙත් හැම මොහොතකම
නුඹ නමට පේ වෙලා උන්නෙමි...

?දෙනෙත් ඔය රුව දකිනු රිසියෙන්
හඩද්දී ගොළු වෙලා වැලපුණි...

?මදක් සිත එක තැනක තියලා
ඔබේ රුව සිතුවම් කරන්නෙමි...

?දහස් සිතුවිලි හිත් අහස් කුස
පෙරැළි කොට හිත පෙළා දුර යති...

?අතක් නෑ දැන් වාරු වෙන්නේ
කොලය මත කදුලැල් වැටෙයි නිති...

?මියැදි කවියක මියැසි මතකය
සොයා සිතුවිලි අතීතෙට යති...

❤අහස් ගව්වට වඩා ඈතින්
පෙමක් තිබුණා මියෙන තුරු ඇති...

මම,
චතූ✍️
2020 නොවැම්බර් මස 04 වැනි දා බදාදා
ප.ව. 08.29⛈

_____________________________________?___

චතුරංගි හර්ශිකා 3 years ago 150 4 5

Nisadas Image

ඒ ආදරේ ගැන?

?පෙම්වතෙකුගේ කවක්☔

______________________________________?__

ප්‍රේමණීය වැහි හුළං
හුදෙකලාවට ගතු කියනකොට
විල් තෙරක පුංචි තණ පදුරක්
භාවනා කළා පෙම් දැහැනක...

වසන්තයට පසුවත් අදුරු
ජීවිත උයනේ ගල් තලාවක
පතොක් මලක් පිපිලා වගේ
මීන නෙතග දැන් ප්‍රේම ආලිංගනයක...

සංසාර ගමන දුර ඈත
අනන්තය හොයන හිත් දෑල
වස්සාන ගීතිකා කියන
පෙම්පාට රතු හැන්දෑව...

මේ නම් අරුම ආදරේ ගෙනා
ලස්සනම කවි හීන
ආදරණීය මලක් පිපී ඇති යළිත්
කිති කවයි පෙම කෝල...

හීන් මන්දාරමට අහසටත් හොරා
සිපගතිමි පිණි කවිකාර
සොඳුරු වසන්තය ගෙනා සුරගන
ඇය තමයි මට භාර...

වන උයන් මැද නේක වර්ණිත
මී බිගුන් සිත සිහින
ඈ තමයි හැම සෘතුවකදිම
හිත් දෙවොළේ දිව්‍යාංගනාව...

මම,
චතූ✍
2020 නොවැම්බර් මස 04 වැනි දා බදාදා
ප.ව. 08.20⛈

____________________________________?___







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps