1,798 Total Nisadas Found





චතු ගුණසේකර ? 3 years ago 160 5 6

Nisadas Image

මහවැලිය

මහවැලිය කිව්වම බලන්න ඇති
කවියක්ද කියලා

නැ අද මහවැලිය සමාන වුනේ
ප්‍රේමයට........

මහවැලියට නන් අවසානයක් තියෙනවා.ප්‍රේමයට අවසානයක් නැ.
එහෙමයි අපේ අය හිතන්නෙ...

ප්‍රේමය ඇති වෙන්න,නැති වෙන්න තැනක් නොතැනක් නැ.මහවැලිය ඔය ඔක්කොටම වඩා වෙනස්..ඒකයි මිනිස්සු අදටත් ප්‍රේමය මහවැලියට සමාන නොකරන්නෙ..

කොච්චර ඉර මුදුන් උනත් මහවැලිය නවතින්නෑ.කොච්චර කාලය ගියත් මහ සයුර බලාපොරොත්තු අත් ඇරියෙත් නැ..

වෙනස් වෙන ලෝකයත් එක්කම සමාජ රටාව හැසිරීම වෙනස් වෙලා..මිනිස්සු යන්නෙම ප්‍රේමය විරහව ලග රැදුනු ඉර හද යටට....

ප්‍රේමය ඉර හද නොවී මහවැලිය වුනි නම්,

අදටත්,හෙටටත් විරහවට වඩා කවි හැදෙන්නෙ ප්‍රේමය ලග ?


-චතූ-
03/11/2020

චතුරංගි හර්ශිකා 3 years ago 194 4 6

Nisadas Image

වෙන්න තිබුණා නම් මටත් පුංචි අරලියා මලක්

___________________________________⛅____

?වතුපාළු පැළ පිරුණු
වැල් ගාල ඉස්මත්තෙ
පරසතු මලක් උදේ
බලා උන්නා ලන්දෙ...??

?කහපාට පෙති සිනිදු
කවියක් වගේ පෙනුණු
කැලෑ මල ලස්සනයි
සුවඳ සැලුනා පින්නෙ...?☔

?පිණි පොකුරු එලාලූ
තණ පලස පුරාවට
හිරු එළිය මුතු රටා
හොරෙන් මැව්වා පොළොවෙ...⛅?

?ගග දියට හොරෙන් මෙන්
පුර පෝය හඳ අහසෙ
පෙනී නොපෙනී ගියා
නිල් වලාකුළු අතරෙ...☁️?

?දෙවැට දිග පින්න මල්
කතා ලිව්වා සුළගෙ
වැව් ඉමේ මවන කවි
අපිට ලිව්වා වාගෙ...☔?

☀️රුවන්වැලි සෑ රදුන්
අහස් ගඟ දෙස බලා
සොඳුරු අහසට අරුම
කතා කියනා යාමෙ...??

?මලානික සුදු පාට
පින්න මල් සුවඳ හා
මගේ හිත හාද වී
දුර ඈත යන මොහොතෙ...??

?වෙන්න තිබුණා නම් මටත්
පුංචි අරලියා මලක්
ආදරණීය ඉරමල
උදෑසන අරන් වඩින යාමෙ...??

මම,
චතූ✍

___________________________________⛅____

චතුරංගි හර්ශිකා 3 years ago 140 4 5

Nisadas Image

පාසල් මෑණියනි

පාඩම් පොත් අතරේ
ජීවිතේ හෙවුව කාලයක
සුදු ගවුම ටයි පටිය
සුවඳ මතකයක් තවම හිත යට...

සොඳුරු විදු බිමට
සමු දුන්න හීනවල
තිබුණේම අනාගත
සුබ ලකුණු පමණක් ය...

ඒ තරම් ආදරේ
ළෙංගතුයි හිත් වලට
යහළු යෙහෙළියො එක්ක
බෙදා ගත්තා ලොවම...

ලෝකයක් තනන්නට
විදුබිමෙන් එපිට ඉම
සරසවිය බලා හුනි
සෙනෙහසින් පිළිගන්න...

ආ මගෙහි සුන්දරම
මතකය නුඹයි පාසල
අකුරු කළ සොදුරු අඩවිය
නුඹයි දුන්නේ ජීවිතේ හැමදේම...

නුඹ සෙවන අපට අහිමි මුත්
අපි ලොවක් තනන දා
තවත් පුංචි පැටවුන් රැසක්
තුරුළු කර නුඹ හිනැහේවි එදා...

උනුත් සොඳුරු මිනිසුන් වී
නුඹ සෙවනින් නික්මෙන දා
රදවා නෙතග මදහසක්
නුඹ බලා හිඳීවි අලුත් උන් එනතුරා...

ආදරණීය පාසල් මෑණිය
ඔබෙ සෙනෙහේ මතු හැමදා
හදවතේ බැතිමත් ම ඉමේ
නිදන්ව තිබේවි මියෙන තුරා...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 154 5 7

Nisadas Image

ප්‍රේමයයි නුඹ ජීවිතේ...

සිතුවිලි මන්දාරම
පුරුදු හිත බිඳගෙන
විටෙකදි
හන්තාන පරදයි...?

මහවැලියට
එකතු කළ මතක
හැමදාම ගග
ඉහත්තාවෙ ම තිබෙයි...?

සේපාලිකා මල්
ඇතිරූ පොළොව හා
ආදරණීය නිල් අහස
පෙර වගේ සිනාසෙයි...?

ජීවිතේ ප්‍රශ්න
කන්දක් ආවත්
සිසිරයට වසන්තයට
කවි හිත ආදරෙයි...?

නොවෙනස්
හන්තාන මුදුනට
මීදුම තවමත්
කෝල කම් කරයි...?

දවසක හවසක
කැන්වසය මත
නුඹ ඇන්ද
මගේ සිතුවම අපූරුයි...?

තවමත් මගේ
දෑස අද්දර
ඒ ආදරේ
කවිකම් කරයි...?

තනිකම මැදින් වුණත්
ඉදහිට
අපේ පුරාවත
මම යළි යළිදු මවයි...?

හීන අහසක් උසට
දෝත් මත සිඳුනත්
අපි ගෙවූ සොඳුරු දින
අද වගේ මතකයි...☀️

වසන්තය මිය ගියත්
සඳ තාම තරුණයි
හිත් කොණක ආදරේ
අද පවා කැලඹෙයි...?

නුඹෙ නීල නෙතු දැහැන්
බිඳී දුර ඉගිලෙයි
සරසවිය මතක හිත
යළි යළිත් අවුලයි...?

මේ බිමේ මල් සුවඳ
මැදින් හෙට එළි වෙයි
ලා රෝස සාරියට
කවි මතක පාරයි...?

මේ බිමට මම වඩින
සුබ මොහොත ළං වෙයි
දන්නවද මම දැන්
සිප් සතර බෙදන ගුරුවරියයි...?

උඹ දුන්නු සාරියේ
මතක සුව එහෙමමයි
ඒ රෝස ලා පාට
ආදරේ තවම සුවඳයි...?

මා මියෙන තුරාවට
ප්‍රේමයත් නුඹමයි
කවිකාර හිත ගාව
කවිය නුඹ විතරයි...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps