චතුරංගි හර්ශිකා 3 years ago 135 8 9

Nisadas Image

ජීවිතයේ සැඳෑ සමය

_____________________________________⛈___

වසන්තය මිය යද්දී
දිගන්තය පුරාවට
මල් වදුළු පිසගෙන
මද නළ හමා ගිය වගයි...

ලොවේ හැමටම රහසින්
හුදෙකලා මුල්ලක
මගේ හිත් මල
ජීවය සිඳී මිය ගිය වගයි...

මහලුවිය ගෙනා
උරුම දුබලකම
දෙපා දෑත් පවා
යදමින් බැඳ ලූ හැඩයි...

තවමත් පණ ගැහෙන
හද මල විතරක්ම
සිසිරයට පවා
නෙතඟ තාරුකා එළි මවයි...

හැබෑවට සැඳෑ සමය
පෑල දිග අහස් ගඟ
රක්ත සළුවෙන් වෙලා
මතක පුරා වත් ගිනි තැබූ හැඩයි...

තාරුණ්‍යය මැකී යන තුමුල
සොඳුරු කළු කෙස්
ශ්වේත වර්ණිත ව
එකිනෙක වැටී යයි...

ගඟක් වූවා නම්
නියඟයට සිඳෙනු ඇති
මලක් වූවා නම්
දිනක පරවී මියෙනු ඇති...

පෙමක් වූවානම්
දිනෙක එය අහිමි වනු ඇති
මමත් මේ රංග භූමියෙන්
දිනක බැස යාමට නියමිතව ඇති...

මම,
චතූ✍
2010 නොවැම්බර් මස 04 වැනි දා
ප.ව.11.49

_____________________________________⛈___

Comments (9)

Geethanjalee ? 3 years ago ජීවිතය නම් මෙයයි... සැමට පොදු ලෝක ධර්මතාවය....?

ශශී❤️? 3 years ago අර්තවත් ලස්සනයි ❤?

✍️Nilushi Nisansala✍️ 3 years ago හරිම ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you all❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි අර්ථවත්

චතුරංගි හර්ශිකා 3 years ago Thanks

thanya priyadarshana 3 years ago

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි චතු අක්කි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks chathu nangi❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps