චතුරංගි හර්ශිකා 3 years ago 182 4 5

Nisadas Image

-තනි හිතක එක ප්‍රේමයක් ඇති-

නිහඩ නිසසල
සොඳුරු ඇසිදිසි
වචන අතරේ
නොවෙන කවි නිති

තනි හිතක එක
ප්‍රේමයක් ඇති
ලොවට රහසින්
හිතම ගෙන යති

වීදි දෙපසින්
නුදුටු නෙත් ඇති
අරුම සිතුවිලි
කලඹාවි නිති

රහසේම මම
තියාගන්නම්
මට අයිති නැති
මිහිරි සිතුවිලි

මටත් නොදැනිම
ඔබට රහසෙම
අයිති නැති හිත
ඔබ වෙතට යති

අකීකරු පෙම්
කතාවක් විය
අරුම සුන්දර
නුඹේ නෙත් එළි

නුඹට රහසින්
තැනක් නොතැනක්
නොමැති ප්‍රේමය
පණ ලබයි නිති

මම,
චතූ
2020 නොවැම්බර් මස 06 වැනි දා
පෙ.ව. 9.47

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago ❤❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි ?

Geethanjalee ? 3 years ago ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps