චතුරංගි හර්ශිකා 3 years ago 151 4 5

Nisadas Image

ඒ ආදරේ ගැන?

?පෙම්වතෙකුගේ කවක්☔

______________________________________?__

ප්‍රේමණීය වැහි හුළං
හුදෙකලාවට ගතු කියනකොට
විල් තෙරක පුංචි තණ පදුරක්
භාවනා කළා පෙම් දැහැනක...

වසන්තයට පසුවත් අදුරු
ජීවිත උයනේ ගල් තලාවක
පතොක් මලක් පිපිලා වගේ
මීන නෙතග දැන් ප්‍රේම ආලිංගනයක...

සංසාර ගමන දුර ඈත
අනන්තය හොයන හිත් දෑල
වස්සාන ගීතිකා කියන
පෙම්පාට රතු හැන්දෑව...

මේ නම් අරුම ආදරේ ගෙනා
ලස්සනම කවි හීන
ආදරණීය මලක් පිපී ඇති යළිත්
කිති කවයි පෙම කෝල...

හීන් මන්දාරමට අහසටත් හොරා
සිපගතිමි පිණි කවිකාර
සොඳුරු වසන්තය ගෙනා සුරගන
ඇය තමයි මට භාර...

වන උයන් මැද නේක වර්ණිත
මී බිගුන් සිත සිහින
ඈ තමයි හැම සෘතුවකදිම
හිත් දෙවොළේ දිව්‍යාංගනාව...

මම,
චතූ✍
2020 නොවැම්බර් මස 04 වැනි දා බදාදා
ප.ව. 08.20⛈

____________________________________?___

Comments (5)

Geethanjalee ? 3 years ago Lassni akki ?❤️

ශශී❤️? 3 years ago ගොඩක්ම ගොඩක් ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thank you ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කියෝ ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thnq❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps