චතුරංගි හර්ශිකා 3 years ago 149 4 6

Nisadas Image

මට වැඩිහිටියෙක් වෙන්න ඕනි නෑ

දන්නවද ළමා හීන වලට
උස් මිටි බේද තිබුණේ නෑ...
ආදරණීය ළමා ලෝකයේ
කුල මල සමයං තිබුණේ නෑ...

දුප්පත් පොහොසත් භේදයක් නැතිව
ඉර හැම පුංචි එකෙක්ටම
එක වගේ එළිය දුන්නා වගේම
සොබාදහමට පංගු පේරු තිබුණේ නෑ...

ජීවිතේ විඳින්න විඳගන්න
ළදරු හිත් වලට
ලිමිට් තිබුණෙ නෑ
වැට කඩුළු තිබුණේ නෑ...

සත් මහල් මැදුරෙත්
දුගී පැලෙත්
ළදරු හිනාවට
පාට පක්ෂ තිබුණෙ නෑ...

ආදරණීය සුළං වුණත්
කහට කුල මල නොබලා
ළදරු හිත් වලට ළං වෙන්න
දෙපාරක් හිතුවේ නෑ...

හරි සුන්දරයි
ජීවිතේ බරක් පතලක් නැති
ළමා විය ඇතුළෙ
අපි හැමෝටම දුකක් දැනුනෙ නෑ...

ඒ නිසාමයි මම මේතරම් මනාප
ඒ සන්දියට ගිහින්
ඔරලෝසු කටුව එක තැන තියලා
හැමදාම ළමයෙක් වෙලා ඉන්න...

දන්නවද ඇත්තටම
මේ විෂම ලෝකය ඇතුළෙ
දින සති මාස ගෙවලා
මට වැඩිහිටියෙක් වෙන්න ඕනි නෑ...

මම,
චතූ
2020 නොවැම්බර් මස 06 වැනි දා
පෙ.ව. 08.14

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago මටත් ? ලස්සනයි ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Mmm... thanks ?

ශශී❤️? 3 years ago ම්ම්ම් ? ලස්සනයි චතූ❤️

Geethanjalee ? 3 years ago ආදරෙයි තාමත් ඒ මතක පොතට.. සූටි කාලෙට යන්න තිබුනානම්...?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

චතුරංගි හර්ශිකා 3 years ago Ow geethanjalee





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps