චතුරංගි හර්ශිකා 3 years ago 166 4 5

Nisadas Image

නිසදැස් ඉමේ හුදෙකලාව මකන සැමට ස්තුතියි ?

වෙනදාට හුදෙකලාව පිරුණු
පිටුවල...
දැන් එකා දෙන්නා ඇවිත් අකුරු තියලා යනකොට...
දන්නවද දැනෙන්නෙ පුදුම
සතුටක්...
තනි වෙලා නෑ කියලා මේ ලස්සන
ඉසව්ව...

මම තනියම මේ පිටු අතරේ
ඇවිදිනකොට...
නිරන්තර බලා උන්නා එයි කියා කෙනෙක් ඉදහිට...
කාලෙන් කාලෙට ඇවිත් යන්න
එන...
සොඳුරු කවි හදවත් දුටුවා මමත් තැන තැන...

ජීවිතේ වන්දනාවේ දුර ගමන යන
නිමේෂයක...
ඇවිත් යන්න හරි සොඳුරුයි මේ
තානායම...
වචන අතරේ තවරාපු හැම
සුවඳක්ම...
හරි ආදරණීය කවි හදවත් ගැන
කියාවි රහසින්ම...

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago Woow අක්කි ගොඩක්ම ලස්සනයි ඔයාගෙ නිසදැස් කියවන්න ගොඩක් අය බලන් ඉන්නවා ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ඒ වගේම අනිත් අය ලියන ඒවා කියවන්න මමත් බලාගෙන ඉන්නවා ❤?

ශශී❤️? 3 years ago අනේ ඔව්.ගොඩක් අය නිසදස් ලියන්න එනකොට් ඒවා කියවලා ලැබෙන සතුට ගොඩක්ම වටිනවා ❤️

Geethanjalee ? 3 years ago ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Ow dr❤?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps