චතුරංගි හර්ශිකා 3 years ago 163 4 5

Nisadas Image

උදෑසනක්!

__________________________________________
?☀?☀?☀?☀?☀?☀?☀?

☀ඉර ඇවිත් තනියෙන්ම
කහපාට සළු දරන්
නිල් වලාකුළු සේල
සොඳුරු සිතුවිලි මවන්...?

?මියැදෙනා තරු කතා
පුරාවත් යට කරන්
උදෑසන උදා වුණි
තණ පතට පිණි අරන්...?

?කුරුළු හඩ පරයනා
සුළං රැල් ඇවිත් යන
තුරු මුදුන් පුරාවට
වෙලී පැටලී එතෙන...?

?කාලයෙන් කාලයට
නොවෙනස්ව හිනාවෙන
පොළොව මත අලුත් පැළ
මල් දරා බලාගෙන...??

?කුඹුරු යායට උඩින්
සිහින සිත්තම් කරන
කහපාට ඉර රැසට
සිතුවිලි සිහින මවන...??

☀උදෑසන අරන් ආ
සිසිලසට පණ පොවන
ගස් පවා සර සරය
නගයි ගී කවි විලස...??

?මේ උදා ගී ගෙනෙන
මද පවන සිප වැළඳ
ඒ සුළග හා මුසුව
පාවෙන්න මට බැරිද...?

?කදු මුදුන් පිස ගලන
සුදෝ සුදු දිය ඇල්ල
සොඳුරු සිතුවිලි අතර
රැදී හිනැහුණු අයුර...?

?ගගබඩට තනි රකින
කොක් රෑන් කලබලය
තිත්ත පැටවුන්ට නම්
ගානකුත් නැති හැඩය...?

?වක්කඩේ දිය සුළිය
මැද හිනාවෙන නිතර
මාළුවෝ කී සොඳුරු
කවි කතා හරි හැඩය...?

?මේ අරුම අපූරුව
අරන් ආ උදා ඉර
හෙටත් පායා ඒවි
අරන් මේ කලබලය...☀

?උදෑසන මවන රූ
හැබෑවට සුන්දරය
ඒ අසිරි වනන්නට
මටත් උපමා හිගය...?

මම,
චතූ✍

?☀?☀?☀?☀?☀?☀?☀?

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි අක්කි ❤️?✍️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks girl ?

ශශී❤️? 3 years ago ලස්සනම ලස්සනයි ❤️

Geethanjalee ? 3 years ago ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps