චතුරංගි හර්ශිකා 3 years ago 173 4 5

Nisadas Image

හිතෙන් පිටමං නොවන නුඹ නම් ඉනාවක්

ලියන්නද මමත් එකම එක කතාවක්
පුරාවෘත්තයක් තරම් සොඳුරු නොවුණත්
හිත ඇතුලේ දෙතුන් වතාවක්
මැවූ බව හැබෑවක් ටජ් මහලක්...

නිතර කදුලැලි හෙමින් ගලාවිත්
තෙත් කරයි නෙත් එයත් කලාවක්
දන්නවද මේ හිත කෑ ගසයි ආයෙත්
දකින්නට නුඹව එකම එක වතාවක්...

නොලියූ කතාවක අදුරු සෝ බර හිනාවක්
මවයි සිතුවිලි පුරාවට වේදනාවක්
දන්නවද ආදරේ නුඹ යළිත් ආවොත්
කියන්නට තිබේ මටත් දිග කතාවක්...

දන්නවද ඔය දෑස් මහිතට භාවනාවක්
නුඹ ළගදි හිත සැනසෙනා අයුර පුදුමයක්
නුඹවම පතන හිත අකීකරු ළදරුවෙක්
හිතෙන් පිටමං නොවන නුඹ නම් ඉනාවක්..

මම,
චතූ
2020 නොවැම්බර් මස 05 වැනි දා
ප.ව. 10.03

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

ශශී❤️? 3 years ago හිතෙන් පිටමන් නොවන නුබ නම් ඉනාවක්?❤️

Geethanjalee ? 3 years ago ❤️

චතුරංගි හර්ශිකා 3 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps