චතුරංගි හර්ශිකා 3 years ago 133 3 3

Nisadas Image

මතක

හිත රිදෙන මොහොතක
නෙත තෙමන මොහොතක
ඒ සියල්ලටම ලොව
එකම හේතුව ඔබයි...

නෙත් කෙවෙනි පුරාවට
දුක පුරවගන්න මට
මේ තරම් ආදරේ
පිරෙව්වේ තනිවමයි...

හිමි අහිමි හීනයක
මතක අහුරක් අරන්
ජීවිතයේ වසන්තය
අහිමි කෙවිලිය මමයි...

මිතුරු හිතකට ඉතින්
පෙම් කරපු පාපයට
ජීවිතය පුරාවට
මතක තුළ මම හඩයි...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ????

ශශී❤️? 3 years ago ? ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps