චතුරංගි හර්ශිකා 3 years ago 149 3 2

Nisadas Image

මම

සරත් හුළගට
මලක් හිනාවෙනවා...

සදත් හෙමිහිට
මං දිහා බලනවා...

තරුවකට පෙම් කරපු වරදට
කණාමැදිරියෙක් තවමත්
හඩා වැටෙනවා...

හීන මාලිගා
දෙනෙත් අභියස
කඩා වැටෙනවා...

ජීවිතේ තව දුරයි
සදත් රහසින් මගෙ
කණට කොදුරනවා...

සරත් තුරු පතක හෙමිහිට
මම තනියෙන්
මගෙ කතාව ලියනවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Woow ✍️ Grateful

චතුරංගි හර්ශිකා 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps