චතුරංගි හර්ශිකා 3 years ago 130 3 3

Nisadas Image

බිනර මහේ මැද

තිමිර පට අරන්
සීතල ඇවිදින්
බිනර මහේ මැද
පුරවයි සුසුමින්...

උඹේ මතක පොත
අරගෙන දෑතින්
සිනා සෙන්න මට
පුළුවන් කරපන්...

මේ මාසේ මට
ගොඩක් විශේෂයි
බිනර මහේ එක
දවසක් මතකයි...

උඹට මතක නම්
කෙටි පණිවුඩයක්
විතරක් එවපන්
මට එය සෑහෙයි...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ?

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps