චතුරංගි හර්ශිකා 3 years ago 137 5 7

Nisadas Image

බිළිඳු (උපුටා ගැනීමක්)

මහා ගල් කැට පීරලා මම
දුවේ උඹ මගෙ අතට ගත්තා
ගැහෙනකොට උඹ මගේ අත් උඩ
පපුව මැද්දේ හංගගත්තා...

මහ හයියෙන් හුස්ම වැටෙනවා
උඹේ ලාමක පපුවේ ඇහුණා
ගිලන් රථයට වැඩිය හයියෙන්
උඹව මම අරගෙනම දිව්වා...

පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
මාත් එක්කල කතා කෙරුවා
නුවර පොළොවත් මේ තරම් ඇයි
නපුරු කියලා මගෙන් ඇහුවා...

අම්මා අප්පච්චී ළගින් උඹ
දුවේ හෙමිහිට ඉතිං තිව්වා
නිල ඇඳුම යට තාත්තෙක් තව
කඳුළු එක්කම කඩන් වැටුණා...

Comments (7)

Deesha(දීෂා)❤️ 3 years ago ???

සත්සරණි 3 years ago ??

ශශී❤️? 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago ??

චතුරංගි හර්ශිකා 3 years ago උපුටා ගැනීමක්

චතුරංගි හර්ශිකා 3 years ago අර නාය ගිහින් අම්මයි අප්පච්චි යි පැටියයි තුන් දෙනාම මැරුණ එක ගැන කවුරු හරි ලියපු

චතුරංගි හර්ශිකා 3 years ago සංවේදී කවි පෙළක්. ලස්සනයි. ඒ නිසා හැමෝටම කියවන්න මෙතන ලියලා තියන්න හිතුවා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps