චතුරංගි හර්ශිකා 3 years ago 195 4 6

Nisadas Image

වෙන්න තිබුණා නම් මටත් පුංචි අරලියා මලක්

___________________________________⛅____

?වතුපාළු පැළ පිරුණු
වැල් ගාල ඉස්මත්තෙ
පරසතු මලක් උදේ
බලා උන්නා ලන්දෙ...??

?කහපාට පෙති සිනිදු
කවියක් වගේ පෙනුණු
කැලෑ මල ලස්සනයි
සුවඳ සැලුනා පින්නෙ...?☔

?පිණි පොකුරු එලාලූ
තණ පලස පුරාවට
හිරු එළිය මුතු රටා
හොරෙන් මැව්වා පොළොවෙ...⛅?

?ගග දියට හොරෙන් මෙන්
පුර පෝය හඳ අහසෙ
පෙනී නොපෙනී ගියා
නිල් වලාකුළු අතරෙ...☁️?

?දෙවැට දිග පින්න මල්
කතා ලිව්වා සුළගෙ
වැව් ඉමේ මවන කවි
අපිට ලිව්වා වාගෙ...☔?

☀️රුවන්වැලි සෑ රදුන්
අහස් ගඟ දෙස බලා
සොඳුරු අහසට අරුම
කතා කියනා යාමෙ...??

?මලානික සුදු පාට
පින්න මල් සුවඳ හා
මගේ හිත හාද වී
දුර ඈත යන මොහොතෙ...??

?වෙන්න තිබුණා නම් මටත්
පුංචි අරලියා මලක්
ආදරණීය ඉරමල
උදෑසන අරන් වඩින යාමෙ...??

මම,
චතූ✍

___________________________________⛅____

Comments (6)

ශශී❤️? 3 years ago ඔයත් මලක් වගේ තමයි ඉතින් ?❤

Geethanjalee ? 3 years ago නුඹයි අරලියා මල... නැගෙන ඉරටත්... බැසයන හිරුටත්.... ආදරණීය කවි ගැලපූ....❤️??

චතුරංගි හර්ශිකා 3 years ago ස්තූතියි ශශී❤

චතුරංගි හර්ශිකා 3 years ago ස්තූතියි ගීතාංජලී ❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි මල් කුමාරි ??

චතුරංගි හර්ශිකා 3 years ago Tnq❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps