චතුරංගි හර්ශිකා 3 years ago 141 4 5

Nisadas Image

පාසල් මෑණියනි

පාඩම් පොත් අතරේ
ජීවිතේ හෙවුව කාලයක
සුදු ගවුම ටයි පටිය
සුවඳ මතකයක් තවම හිත යට...

සොඳුරු විදු බිමට
සමු දුන්න හීනවල
තිබුණේම අනාගත
සුබ ලකුණු පමණක් ය...

ඒ තරම් ආදරේ
ළෙංගතුයි හිත් වලට
යහළු යෙහෙළියො එක්ක
බෙදා ගත්තා ලොවම...

ලෝකයක් තනන්නට
විදුබිමෙන් එපිට ඉම
සරසවිය බලා හුනි
සෙනෙහසින් පිළිගන්න...

ආ මගෙහි සුන්දරම
මතකය නුඹයි පාසල
අකුරු කළ සොදුරු අඩවිය
නුඹයි දුන්නේ ජීවිතේ හැමදේම...

නුඹ සෙවන අපට අහිමි මුත්
අපි ලොවක් තනන දා
තවත් පුංචි පැටවුන් රැසක්
තුරුළු කර නුඹ හිනැහේවි එදා...

උනුත් සොඳුරු මිනිසුන් වී
නුඹ සෙවනින් නික්මෙන දා
රදවා නෙතග මදහසක්
නුඹ බලා හිඳීවි අලුත් උන් එනතුරා...

ආදරණීය පාසල් මෑණිය
ඔබෙ සෙනෙහේ මතු හැමදා
හදවතේ බැතිමත් ම ඉමේ
නිදන්ව තිබේවි මියෙන තුරා...

මම,
චතූ

Comments (5)

ශශී❤️? 3 years ago ගොඩක්ම ගොඩක් ලස්සනයි..❤?

Geethanjalee ? 3 years ago ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps