චතුරංගි හර්ශිකා 3 years ago 155 5 7

Nisadas Image

ප්‍රේමයයි නුඹ ජීවිතේ...

සිතුවිලි මන්දාරම
පුරුදු හිත බිඳගෙන
විටෙකදි
හන්තාන පරදයි...?

මහවැලියට
එකතු කළ මතක
හැමදාම ගග
ඉහත්තාවෙ ම තිබෙයි...?

සේපාලිකා මල්
ඇතිරූ පොළොව හා
ආදරණීය නිල් අහස
පෙර වගේ සිනාසෙයි...?

ජීවිතේ ප්‍රශ්න
කන්දක් ආවත්
සිසිරයට වසන්තයට
කවි හිත ආදරෙයි...?

නොවෙනස්
හන්තාන මුදුනට
මීදුම තවමත්
කෝල කම් කරයි...?

දවසක හවසක
කැන්වසය මත
නුඹ ඇන්ද
මගේ සිතුවම අපූරුයි...?

තවමත් මගේ
දෑස අද්දර
ඒ ආදරේ
කවිකම් කරයි...?

තනිකම මැදින් වුණත්
ඉදහිට
අපේ පුරාවත
මම යළි යළිදු මවයි...?

හීන අහසක් උසට
දෝත් මත සිඳුනත්
අපි ගෙවූ සොඳුරු දින
අද වගේ මතකයි...☀️

වසන්තය මිය ගියත්
සඳ තාම තරුණයි
හිත් කොණක ආදරේ
අද පවා කැලඹෙයි...?

නුඹෙ නීල නෙතු දැහැන්
බිඳී දුර ඉගිලෙයි
සරසවිය මතක හිත
යළි යළිත් අවුලයි...?

මේ බිමේ මල් සුවඳ
මැදින් හෙට එළි වෙයි
ලා රෝස සාරියට
කවි මතක පාරයි...?

මේ බිමට මම වඩින
සුබ මොහොත ළං වෙයි
දන්නවද මම දැන්
සිප් සතර බෙදන ගුරුවරියයි...?

උඹ දුන්නු සාරියේ
මතක සුව එහෙමමයි
ඒ රෝස ලා පාට
ආදරේ තවම සුවඳයි...?

මා මියෙන තුරාවට
ප්‍රේමයත් නුඹමයි
කවිකාර හිත ගාව
කවිය නුඹ විතරයි...

මම,
චතූ

Comments (7)

Geethanjalee ? 3 years ago ලස්සනයි අක්කි?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks nangi?

චතු ගුණසේකර ? 3 years ago Lassanyi akki

ශශී❤️? 3 years ago ලස්සනයි ??

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps