චතුරංගි හර්ශිකා 3 years ago 186 5 4

Nisadas Image

හුදෙකලාව

උපන් නූපන් හීනවල
සොඳුරු සිතුවම් පටයක
මනස නිහඩව නොනිදා
බලා උන්නා හවසක...

හදවතට දුක කියනකොට
සතුට හොයනා නෙතගට
අසාධාරණ කදුලක්
ඉනුවෙ සිතුවිලි අතරම...

මග දෙපස නෙක සැරසිලි
යනෙන වාහන එළි මැද
හමාරයි කී කතාවක
පේලියක් හොයනව මම...

තව කතාවක් කියන්න
උඹ වතාවක් ගියාම
පෙර කතාවේ පිටුවල
හුදෙකලා කවි පිරවූ කලට...

තව වතාවක් ආවට
පොත පුරාවට ඉඩ නැත
හුදෙකලා මම තව දුර
යා යුතුයි මග තනිවම...

මම,
චතූ

Comments (4)

Geethanjalee ? 3 years ago ?❤️

ශශී❤️? 3 years ago ම්ම්ම් ❤

චතුරංගි හර්ශිකා 3 years ago ?❤

Deesha(දීෂා)❤️ 3 years ago ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps