1,798 Total Nisadas Found





චතු ගුණසේකර ? 3 years ago 153 4 6

Nisadas Image

අනියම් පෙම

ප්‍රේමයේ කවටකම් ඉතින් සාධාරණද ?

අමුත්තක් දැනුනා ලගකදි ඉදන් සිතට
හිතුවේ නැ කාරණාව මෙයයිද කියා මටම
හේනෙ පැලේ පැල් රැක්කෙ බත සපයන්න නුඹට
ප්‍රේමයට කවටකම් කෙරුවේ ඇයි මෙමට........

රෑ මැදියමේ ගෙට ආවෙ කව්ද?
මං නැති අඩුව ඌ පිරිමැහුව එක හරිද?
මටත් හොරා ලේ කැටියෙක් බඩට ආවෙ කොහොමද ?
කියපන් කාරණාව නුඹ දන්නේ නැද්ද?

කඩ අයිනෙ කසු කුසුව මම අහන් උන්නා
රෑ මැදියමේ ගෙට රිංගුවේ මහතුවා බව දන්නා
නඩුකාර හාමුදුරුවනේ ඉවසන්නට බැරුවා
වෙල අයිනේ මායිමේදී මං ඌට කෙටුවා

නීතියට අනුව මං වැරැදදක් කෙරුවා
ඈ කල වැරැදද නුඹ හිතුවද මන්දා
නීතියෙ දෙවගනම ගැහැණියක හන්දා
ප්‍රේමයට කවටකම් කල එක හරිද මන්දා

හිර බත් ගිලින්නට තවම පුලුවන්
මගෙ පැත්තෙනුත් නීතිය හරිද බලපන්
නුඹටත් මෙය උනානන් කරම දේ හිතපන්
නඩුකාර හාදුරුවනේ මට සමාව දීපන්

(නිමිත්ත:බිරිදගේ අනියම් සැමියා ඝාතනය කල ඔහු අධිකරණය ඉදිරියේ කරන ඉල්ලීම)

-චතු-
11/11/2020

චතුරංගි හර්ශිකා 3 years ago 170 5 4

Nisadas Image

වසරක් නොවූ වසර

සරසවියෙ මල් පාර
බලා උන්නා තනිව
අපට එන්නැයි කියා
ලියා එව්වා නිතර...

නමුත් හදිසියෙන් ආ
වසංගතයට නතුව
පළමු වසරත් ගෙවුනෙ
ගෙදරමයි ඔය අතර...

ඔන්ලයින් පාඩමට
හිතක් නෑ මට නිතර
ප්‍රැක්ටිකල් චිත්‍ර හෙම
අදින්නට බෑ මෙහෙම...

පින්සලට පැන්සලට
දෑත් පටලන් නැතුව
පරිගණක තිරය මත
සිතුවම් කරනු කොහොම...

බොහෝ කල් වෙහෙස වී
සරසවිය සොයා ගිය
රොතු පිටින් අපි තනිව
ගෙවල් වල කොටු කෙරුව...

කොරෝනා නුඹ නිසා
සරසවිය විය නිසල
පළමු වසරත් ගෙදර
නිම කළා අපි එහෙම...

දන්නවද උපාධිය
ගන්න ආසයි අපිට
සරසවි බිමේ පොළොව
මත රැදී දෑතටම...

මෙහෙම ගියොතින් ඉතින්
සිව් වසර පිරෙනකොට
තැපෑලෙන් එයි ගෙදර
සිහින මැවූ ඩිග්‍රිය...

මම,
චතූ
2020 නොවැම්බර් මස 10 වැනි දා

චතු ගුණසේකර ? 3 years ago 263 4 5

Nisadas Image

පොඩි සාදු

ඔය කහ සිවුර බර වැඩි නැද්ද පොඩි සාදු
පුංචි ඇගට අලුත් කහ සිවුර ලොකු වැඩිනෙ පොඩි සාදු
බණ මඩුවෙ ලොකු පුටුවට නැගලා
පුංචි හඩින් කවි ඇහුනම
තාමත් ඒ අපේ හිතට දුක දැනෙනවලු ?

වෙල් එලියෙ මැච් බලන්න පොඩි සාදුත් එන්නෙ නෑලු
ඉස්සර අපි දුවපු නටපු කාලෙ මතක නැද්ද සාදු
දැන් තනියෙන් ස්කෝලෙ යන්න පාලු හිතෙනවාලු
හැමදාමත් පන්සල් එන්නෙ පොඩි සාදු බලන්නයිලු?


වෙල් පාරෙ ඇල අයිනෙ තිත්ත පැටව් ඇල්ලපුවම
අපේ අතින් පව් පිරිලා සංසාරෙත් දික් වෙනවද
පොඩි සාදුත් සංසාරේ සැරිසරන්න ආස නැද්ද
ඒ හින්දද අපිව දාලා ගියේ සිවුර ඇතුලට?

වැරදි උනාද අපේ අතින් පුංචි සිතම කලකිරෙන්න
ආසයි දැන් පොඩි සාදුත් එක්ක මහණ වෙන්න
ලොකු සාදුත් එක්කලා බණ කතා අහන්න
අම්මගෙ හිත දුක හිතෙයිද මහණ උනාම?


-චතූ-
10/11/2020
ප.ව.5.45




චතුරංගි හර්ශිකා 3 years ago 196 5 6

Nisadas Image

සොඳුරු මතකය

මතක මන්දිර මවා නිල් ගැබ
පැතුම් අතරේ රැදී ඔය වත
අරුණ රැස් කිරණක් වගේ හිත
නිවා සනසන සොඳුරු මතකය...

හදට ළං කර තබා ගත්තෙමි
ප්‍රේමයේ සිහසුනයි නුඹ මට
නුවන් අග ලියැවුණු සිනාවට
හරි මනාපයි තාම මගෙ හිත...

වැස්ස අරගෙන වලාකුළු පොදි
ගුවන විසිරී හඩ නගන විට
අක්බාර් පාලම අසල මම
අකුණු කොටනා කලු අහස යට...

වීදියේ නෙක පහන් කණු වල
මලානික එළි දැල්වෙනා විට
හැන්දෑව අරගෙන නබෝ ගැබ
බැස ගියා හුරු පුරුදු ඉර මල...

මතක අහසේ ඈත දුරකට
රොබරෝසියා මල් සුවඳ මැද
වසර ගණනක් පුරාවට අප
ඇන්ද සිතුවම් මැවේ හිත මත...

දෑත් පටලා බැඳී එක මග
ඇවිද ගිය සරසවි බිමේ අද
පෙම්වතුන් යුවළක් ඈත ඉම
මැවී නෙතගට ගෙනෙයි පිණි කැට...

මම,
චතූ

චතුරංගි හර්ශිකා 3 years ago 155 5 6

Nisadas Image

වෘකයෙකුට පෙම් කළෙමි

??? -පාට ගෑ අපේ පෙම-???

දකිනු රිසියෙන් නුඹව
දෑස් ඇවිටිලි කරයි
හොයනු රිසියෙන් නුඹව
මහද කරදර කරයි...

අකීකරු පෙම් පුවත
යළි යළිත් පණ ගැහෙයි
කවිකාර නිල් අහස
තාම තරුණයි හැඩයි...

කෙකටියා පදුරකට
මල් පොකුර පෙම් කරයි
ගග දියේ ගලාගෙන
ගල් බොරලු ඇදී එයි...

සුදු පාට කිරි පැහැති
ගලක් රළ මත හැපෙයි
පෙරැළි කරමින් ගගේ
මල් වදුළු මැද රැදෙයි...

කෙකටියා මල් පොකුර
පරව මියැදී වැටෙයි
සුදෝ සුදු ගල් කැටය
මියැදි මල සිප ගනියි...

දිනෙක නුඹ අසරණව
ආවොතින් ඒ වගේ
ආදරෙන් වැළද ගමි
මියැදි මල් පොකුර සේ...

ඒ තරම් හිත් ඉවුරෙ
සෙනෙහසක් තව තිබේ
පාට ගෑ කොළ පුරා
ඒ සෙනෙහෙ තැවරුවේ...

මගේ සිතුවම් අතර
නුඹ මැවී නැවතුණේ
පාට ගෑ අපේ පෙම
තාම සොඳුරුයි හිතේ...

මම,
චතූ✍
2020 නොවැම්බර් මස 10 වැනි දා
පෙ.ව.10.47

චතුරංගි හර්ශිකා 3 years ago 189 4 5

Nisadas Image

සුවඳ මතකය

නොනවතින වැහි කෝඩ
පොළොව සිප ගන්නකොට
වැහි හුළං සීතලට
කෙස් කැරලි සිඹිනකොට...

දෑත පටලා පුරුදු
මාවතේ අපි දිගට
මතකයිද දිව ගියා
නිකිණි මහ වැස්ස යට...

අකුණු සැර හරි තදට
කහපාට මවනකොට
නිල් ගුවන කළු පාට
සළු දරා ඉන්නකොට...

ගෙරවිල්ල සවන් පෙති
පාරමින් හඩනකොට
මතකයිද මගෙ සවන්
වැසුවෙ ඔබ වැස්ස යට...

එකම කුඩයක තෙමී
නොතෙමෙන්න හදනකොට
නොදැනීම වැහි බින්දු
දෙතොල් සිප ගන්නකොට...

අදුරු මල් මාවතේ
තුරු සෙවණ යට රැදී
මතකයිද නිල් නුවන්
කී කවිය රහසින්ම...

සිව් වසර පුරාවට
අපි ලිව්ව කතාවට
සොඳුරු සීතල වැස්ස
මතකයක් හිතේ යට...

නිකිණි මහ බද වැස්ස
වහින හැම මොහොතකම
දන්නවද වැහි බින්දු
කිව්වෙ මට නුඹ ගැනම...

අපි අපට අහිමි වූ
අපි අපෙන් මග හැරුණු
අතීතය අද පවා
සුවඳ මතකයක් ම ය...

මම,
චතූ
2020 නොවැම්බර් මස 09 වැනි දා
පෙ.ව.12.01







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps