චතුරංගි හර්ශිකා 3 years ago 159 5 6

Nisadas Image

සිතුවම

ලගන්නා සුළු අරුම
සිතුවිල්ල හිතක රදවා
මටත් අහිමිව ගිය
මම මාව සිතුවම් කෙරුවා...

පුරාවට කොල
මගේ මුහුණම මවලා
මම ම මා ගැන
රෑ පුරාවට හිතුවා...

හිතේ හැමතැන
කදුළු විතරක් තවරා
නෙතින් ලොවටම
හිනාවක් මුව පෙන්වා...

දෙබිඩි ජීවිතයෙන්
සමු ගන්න තුරු මේ මා
මදහාස මුවේ නංවා
මා මුව ම සිතුවම් කෙරුවා...

හදවතට ගතු කියනා
කලු පාට සායම් ගෙනා
අදුරු සිතුවිලි කවි කතා
නොදැනේ හිතක් මට නැති නිසා...

කහ පාට සිතුවමෙහි තවරා
සතුටු මුහුණක් පෙන්වන්න හිතුවා
මතුපිටට නොපෙනී හදම දවනා
මතක පිටු යළි යළිත් පෙරලී තිබුණා...

මම,
චතූ

Comments (6)

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️

Rasika Maduwanthi 3 years ago Hinawela inna hamoma sathutin nemeyi hmmm

Geethanjalee ? 3 years ago ❤️?

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි......

චතුරංගි හර්ශිකා 3 years ago Thanks all

චතුරංගි හර්ශිකා 3 years ago Hmm Rasika?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps