චතුරංගි හර්ශිකා 3 years ago 156 5 6

Nisadas Image

වෘකයෙකුට පෙම් කළෙමි

??? -පාට ගෑ අපේ පෙම-???

දකිනු රිසියෙන් නුඹව
දෑස් ඇවිටිලි කරයි
හොයනු රිසියෙන් නුඹව
මහද කරදර කරයි...

අකීකරු පෙම් පුවත
යළි යළිත් පණ ගැහෙයි
කවිකාර නිල් අහස
තාම තරුණයි හැඩයි...

කෙකටියා පදුරකට
මල් පොකුර පෙම් කරයි
ගග දියේ ගලාගෙන
ගල් බොරලු ඇදී එයි...

සුදු පාට කිරි පැහැති
ගලක් රළ මත හැපෙයි
පෙරැළි කරමින් ගගේ
මල් වදුළු මැද රැදෙයි...

කෙකටියා මල් පොකුර
පරව මියැදී වැටෙයි
සුදෝ සුදු ගල් කැටය
මියැදි මල සිප ගනියි...

දිනෙක නුඹ අසරණව
ආවොතින් ඒ වගේ
ආදරෙන් වැළද ගමි
මියැදි මල් පොකුර සේ...

ඒ තරම් හිත් ඉවුරෙ
සෙනෙහසක් තව තිබේ
පාට ගෑ කොළ පුරා
ඒ සෙනෙහෙ තැවරුවේ...

මගේ සිතුවම් අතර
නුඹ මැවී නැවතුණේ
පාට ගෑ අපේ පෙම
තාම සොඳුරුයි හිතේ...

මම,
චතූ✍
2020 නොවැම්බර් මස 10 වැනි දා
පෙ.ව.10.47

Comments (6)

Geethanjalee ? 3 years ago හදවතට දැනෙනවා ඒක නම්?

චතු ගුණසේකර ? 3 years ago ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ❤❤❤

චතුරංගි හර්ශිකා 3 years ago ?❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps