Tharani udeshika 3 years ago 121 3 4
මේ චුරු චුරු ගගා වහින වැස්ස මතක් කරන්නෙම නුඹව නුඹෙයි මගෙයි මතක එක පේලියට ගලාගෙන එද්දී .... නුඹ එයත් එක්ක සතුටින් කියලා මං කොහොම ඉන්නද නුඹවත් පොඩ්ඩක් කියාපංකො වැස්සට.... වහිනවා නම් දෝරෙ යන්නම වහින්න කියලා නුඹෙයි මගෙයි මතක හේදිලාම යන්න. *තරී* ?
චතු ගුණසේකර ? 3 years ago 163 3 7
සිත : යමන් මනස: කොහෙද සිත : රැල්ලට මනස : මම රැල්ලට බර වැඩි බෙල්ලෙක් සිත : වෙරලෙ තනියෙන් ඉන්නද කල්පනාව මනස : රැල්ලත් එක්ක දුවලා ආය වෙරලට ඇවිත් හති දානවට වඩා ඉන්න එක හොදයි සිත : මිනිස්සු ඔක්කොම දුවනවනෙ මනස :ඔක්කොම රැල්ලට යනවා කියලා අපි යන්නම ඕනෙද? ( ප්‍රශ්නක්: ඔක්කොම රැල්ලට යනකොට අපිත් යන්නම ඕනෙද? -චතු- පෙ:ව 8.00 අගහරුවාදාවක
Rasika Maduwanthi 3 years ago 235 3 5
ඉන්නම් ඔබ එක්ක මට පුලුවන් හැම මොහොතකම ආදරේ කරන්නම් මන් ඔබට මට පුලුවන් තරමටම රැකගන්නම් ඔබව මට පුලුවන් උපරිමයෙන්ම... මදූ ✍ 2020.11.16 10.47 ප.ව
චතුරංගි හර්ශිකා 3 years ago 166 5 7
දහසක් දෙනා යනෙනා මග නිසොල්මනේ... සහසක් දෙනෙත් එකිනෙක ගැටෙනා ගමනේ... අහසක් තරම් ආදරයක් ඉතුරු වුණේ... රහසක් වෙලා සැගවුණු නුඹ වෙනුවෙන් නේ... දවසක් ඒවි පූදින මල් මියෙන ලොවේ... තව සක් පිඹියි එක් වූවන් හට මෙලොවේ... සනසන් නැතුව හිත රිදවා ගියපු නුඹේ... පවනක් වගේ මතකය හා බැඳෙමි ප්‍රියේ... හිසකෙස් ශ්වේත වර්ණිත පැහැ දරන තුරා... තනිකඩ හීන තුළ ජීවත් වෙමිය මෙමා... එදිනත් ප්‍රථම ප්‍රේමය නුඹ සිහි කරලා... සුවඳක් සොයා ඇවිදිමි පෙම් මතක පුරා... මම, චතූ
චතු ගුණසේකර ? 3 years ago 175 5 9
ඒ පන්හිද මම නම්, මගේ අතින් ලියූ කවිය නුඹ වෙමි.... ඒ වචන පද නුඹ නම්, සිතුවිලි සොරා ගත් යටිහිතද නුඹ වෙමි..... පුරහද රැයක සොදුරු අහස නුඹ නම්, කවියොන්ට පද එක්කල සොදුරුතමයද නුඹ වෙමි.... අමාවක සද යට කඩා හැලෙන තනි තරුව නුඹ නම්, ප්‍රාර්ථනාවන් ගයන්නට ඉඩක් දුන් ඉන්ද්රජාලියාද නුඹ වෙමි.... සෙනෙහස ප්‍රේමය මායවක් වුනි නම්, ඒ මායකරුද නුඹ වෙමි... මතක එක්කම හීන මැවු මසිත තිවුනි නම්, හීන යට සැගවුන ආගන්තුකයද නුඹ වෙමි..... චතූ 13/11/2020 ප:ව:7.00ට
චතුරංගි හර්ශිකා 3 years ago 138 4 5
මල් ගොමුව පුරාවට මුදු පින්න හැලුනාම... නෙත් බඹරු හිත් පුරා රොන් ගන්න ආවාම... අකීකරු සිතුවිල්ල පෙම් ගීත ගැයුවාම... නෑඹුල් ම ආදරේ සුවඳ දැනුනා දිනෙක... වස්සාන ගීතිකා අරන් නළ හැමුවාම... හිතෙන් හිත යා කරන් ආදරේ මැවුණාම... අහිංසක හීනවල හීනියට කවි ලිව්ව... යෞවනය දොරකඩින් නැගුණි පෙම් සිනා හඬ... හුරු පුරුදු මදහසක නෙත් ගිහින් රැදුනාම... ඒ හිනා වත පුරා පෙම් පාට පිරුණාම... හුදෙකලා හිත ඉතින් හදාගෙන උන්නාට... හිතෙනවා ළං වෙන්න තාරුකා ඇස් දෙකට... මම -චතූ
Geethanjalee ? 3 years ago 150 5 5
සුන්දරයි ජීවිතය අන්ධ වුන ආදරය ඇහැට නොපෙනෙන තරම මහ ගොඩයි හැමදේම දකින නොදකින දුරක දකින්නැති විදවීම ඇහැක් යට කඳුලකට නිවන්නට හැකි වේද..... ????
Susilidu Nilan 3 years ago 113 4 4
මගින් නැවතූනොත් ආයෙත් එන්නෙ නැති???
චතුරංගි හර්ශිකා 3 years ago 194 5 5
කවිකාර ඇස් ගිහින් හිරු මතම රැඳුනාට... කහපාට ඇස් වලට පෙම් හිතම බැඳුනාට... කවිකාර මගේ හිත හිරුට පෙම් කෙරුවාට... පෙම් කරපු හිරු අයිති ගගනටයි හැමදාම... හිරු කිරණ නොදුටු සේ මම ඉවත බැලුවාට... රහසින් ම ආදරෙයි ඉර මලට මම තාම... පිං කරපු ඇස් වලට හිරුගෙ වත පෙනුනාම... නොකී ප්‍රේමය හිතේ කවි ලියයි හැමදාම... මම, චතූ
චතුරංගි හර්ශිකා 3 years ago 164 4 5
-අහිමිකම තුළ හිමිකම් සොයා- හිතවත්ම හිත ගාව ආදරෙන් උන්නාට... ආදරේ මහ මෙරක් මං උඹට දුන්නාට... සිගිති මල් හීනයක මං පෙමින් බැඳුණාට... මට නොවෙයි නුඹ අයිති මං බලා උන්නාට... පුංචි පා පොඩි පවා පිස දමා හැදුවාට... අයිතියක් කියන්නට ඉඩක් නෑ අක්කාට... පුංචි කිටියෝ ඉන්න තැනක සතුටින් ඉන්න... ආදරෙයි හැමදාම මම පුංචි කිටියාට... මම, චතූ
Rasika Maduwanthi 3 years ago 194 4 5
ඔය හිනාවෙන ඇස් දෙකේ මට අතරමන් වෙන්න පුලුවන් නම් ඔය කතා කරන හැම වචනයකම මට තියෙන ආදරෙ ගැන... මන් ගැන... කියවෙනවනම්? මගේ ආදරෙ ?ගැන මට ගොඩක් සතුටුයි මදූ ✍ 2020.11.12 10.15
Rasika Maduwanthi 3 years ago 361 4 5
මගේ ආදරේ කියාගන්න පුලුවන් උනාට ඔයාට දැනෙන්න මට ආදරය කරන්න බැරි උනා මදූ ✍ 2020.11.12 10.11 පෙ.ව
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps