චතුරංගි හර්ශිකා 3 years ago 170 4 5

Nisadas Image

??සිහින සිතුවිලි ??

පාරාදීසයේ සිහින මල් උයනට
මම තරම් හිත් බැන්දූ
තවත් කිසිවෙකුත්
අනනන්ත අහසේ නොවුණි...

දේදුනු පාලමෙන් මෙපිට
සුදු රෝස පොකුරක් අත දරා
නිශාවට සීත පිණි
වැටෙන තුරු බලා උනි...

කාන්තිය මවා ලූ
ෆැන්ටසිය තුළ උපන්
සෙල්ලක්කාර යෞවනය
සිතුවිලි අතර සිනාසුණි...

සිහින මල් සුවඳ අතරේ
ඉමක් නැති මග ගෙවා විත්
අපමණ සොඳුරු ඉසව්වට
මම යළිත් පිය මනින්නෙමි...

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?❤️

ශශී❤️? 3 years ago ❤️?❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?

Geethanjalee 3 years ago ?❤️

චතුරංගි හර්ශිකා 3 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps