චතුරංගි හර්ශිකා 3 years ago 190 4 5

Nisadas Image

සුවඳ මතකය

නොනවතින වැහි කෝඩ
පොළොව සිප ගන්නකොට
වැහි හුළං සීතලට
කෙස් කැරලි සිඹිනකොට...

දෑත පටලා පුරුදු
මාවතේ අපි දිගට
මතකයිද දිව ගියා
නිකිණි මහ වැස්ස යට...

අකුණු සැර හරි තදට
කහපාට මවනකොට
නිල් ගුවන කළු පාට
සළු දරා ඉන්නකොට...

ගෙරවිල්ල සවන් පෙති
පාරමින් හඩනකොට
මතකයිද මගෙ සවන්
වැසුවෙ ඔබ වැස්ස යට...

එකම කුඩයක තෙමී
නොතෙමෙන්න හදනකොට
නොදැනීම වැහි බින්දු
දෙතොල් සිප ගන්නකොට...

අදුරු මල් මාවතේ
තුරු සෙවණ යට රැදී
මතකයිද නිල් නුවන්
කී කවිය රහසින්ම...

සිව් වසර පුරාවට
අපි ලිව්ව කතාවට
සොඳුරු සීතල වැස්ස
මතකයක් හිතේ යට...

නිකිණි මහ බද වැස්ස
වහින හැම මොහොතකම
දන්නවද වැහි බින්දු
කිව්වෙ මට නුඹ ගැනම...

අපි අපට අහිමි වූ
අපි අපෙන් මග හැරුණු
අතීතය අද පවා
සුවඳ මතකයක් ම ය...

මම,
චතූ
2020 නොවැම්බර් මස 09 වැනි දා
පෙ.ව.12.01

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ❤❤❤❤ ලස්සනයි

Geethanjalee ? 3 years ago ❤️❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thnq❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps