චතුරංගි හර්ශිකා 3 years ago 157 4 5

Nisadas Image

සිතුවම් කළෙමි

නුඹව මට මග හැරුණු
ජීවිතේ මංසලක
මම තාම මතක සුව
යළි යළිත් විඳිනවා...

සදහටම වෙන් වෙන්න
දෛවය උරුම කරපු
මගෙ ප්‍රථම ප්‍රේමයට
තවම පෙම් කරනවා...

නොදැනෙන්න නොරිදෙන්න
කදුළු නෙත් තෙමනකොට
රහසේම මම නුඹව
යළි යළිත් මවනවා...

ආදරේ පූජාව
දෙවොළ මත තබන්නට
අහිමි දෙව් රුව සොයා
හිත ගොළුව ඉන්නවා...

කදුලින්ම දිය කරපු
සායමට පණ පොවා
නුඹව යළි යළිත් මම
සිතුවමට නගනවා...

අකාලේ මිය ඇදුණු
මගෙ ප්‍රේම පුරාවත
පින්සලය පැන්සලය
දැන් හොඳින් දන්නවා...

මම,
චතූ
2020 නොවැම්බර් මස 10 වැනි දා
පෙ.ව.8.00

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ?? ලස්සනයි කව්රුත්ම නොදන්න පැන්සල් පෑන් පින්සල් අතර හිර කරපු කතාවක් ❤❤

Geethanjalee ? 3 years ago Lassanai akki ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago ?thnq

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps