1,796 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 4 years ago 145 2 2

Nisadas Image

කහ මල්

2020 සැප්තැම්බර් මස 01 වෙනිදා
මල් පාර අසලදී...

හා හා පුරා කියලා
අළුත් මාසෙ පලවෙනි දවස...

මම ආවා
අපිට පුරුදු මල් පාර ළගට...

තවම උදේ
නවයට විතර ඇති...

මීදුම හරි සැරට අහස
පුරෝගෙන...

නුවරට අදත් වැස්ස
අනෝරාවට කඩාගෙන නොවැටුණාට
දවසම ටික ටික වහිනවා...

මම ගියා
හැමදාම නැවතුණු කහපාට මල් ගහ යටට...

තාර පාරේ ඈතින් වාහන එක දෙක
එනවා...

හරි සද්දෙට බයික් එකක් එනවා
ඇහෙනවා...

ඔන්න එයා එනවා!
මගෙ හිත කෑ ගහලා කියනවා...

උඹට පිස්සුද?
මම හිතෙං අහනවා...

එයා ගියා
යන්නම ගියා...

ආයෙ එන්නේ නෑ
ආවත්, දැන් මට අයිති නෑ...

කහපාට කැලණි තිස්ස මල්
සිය ගානක් බිම වැටිලා...

එන එන හැමෝගෙම
පයට පෑගෙනවා...

මීදුම අහස වහගෙන
ඉර පේන්නවත් නෑ...

ඒත් මේ ගහයට
ඉර පායලා වගේ...

කහ මල්
බලාගෙන ඉන්නවා මාත් එක්ක
අහස දිහා...

ඉර එනකං...

- චතූ

චතුරංගි හර්ශිකා 4 years ago 151 2 2

Nisadas Image

දැන්!

2020 අගෝස්තු මාසෙ 31
මාසෙ අන්තිම දවස!

මේක හැන්දෑවක්
උඹ දන්නවද...

මම ඉන්නේ
අක්බාර් පාලම උඩ...!

මතකයිද?
අපේ මතක විසි කරපු

මේ ගඟ!

හැමදාම වගේ
අදත් ගලනවා...

මට පේනවා
පෙණ අතරෙන්

රොබරෝසියා මල් පෙත්තක්
පාවෙලා එනවා...

හරියටම
උඹ දවසක හවසක

මේ ගඟට විසිකරපු
මගෙ හදවත වගේ...

ගල් බොරලු මැදින්
ඒක පාවෙලා එනවා

දිය රැළි ,
මල් පෙත්තට රිද්දනවා...

මේ පැත්තෙන්
ගහගෙන ආව මල් පෙත්ත

පාලම යටින් අනිත් පැත්තට
ගඟ දිගේ ගලාගෙන යනවා...

මම අනිත් පැත්තට දුවනවා
ඒත් මල් පෙත්ත නෑ...!

ගඟ පහළට ගලාගෙන
යන්න ඇති වතුර එක්ක...

නැත්නම් පාළම යට
රැදෙන්නැති ගල් ගොඩක...

මට යන්න හිතයි
මල් පෙත්ත හොයාගෙන...

පරිස්සමට අරගෙන
තණකොළ උඩින් තියන්න...

නොරිදෙන්න
නොතැලෙන්න...

ඒත් මම කොහොම යන්නද
මම තවම පාළම උඩ...

ඉර අහස කොණක ගිලෙනව
මම බලාගෙන ඉන්නව...

චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps